Thursday, May 2, 2013

ඩොලර්, පවුම්, යුරෝ, ෆ‍්‍රෑන්ක් හාන්සියි…. චීන යුවානය ලොව රජවේ


තවදුරටත් සංවෘත මුදල් ඒකකයක් නොවන චීන යුවානය ඩොලරය හා යුරෝව අභිබවා ලෝක ආර්ථිකය නව මගක ගෙන යමින් සිටි. ආයෝජන වල වටිනාකම දිනෙන් දින පහල යන බැවින් ඩොලරය, යුරෝ, ජපානයේ යෙන්, බි‍්‍රතාන්‍ය පවුම් හා ස්විස් ෆ‍්‍රෑන්ක් මගින් ආයෝනයන් කිරිමෙන් ඉවත් වෙති.
මීට වසර 10කට පෙර විදේශ ආයෝජකයන්ට සම්පූර්ණයෙන්ම තහනම්ව තිබු යුවානය ඔවුන්ගේ නව ඉලක්කයවී HSBC වාර්තාවලට අනුව 2015 වන විට ලොව වැඩිපුරම භාවිතා කරන මුදල් ඒකක අතරට යුවනයද පැමිණෙනු ඇත.
පසුගිය අපේ‍්‍රල් මස සිදුකල විදේශ ගනුදෙනු 1/4 ක්ම යුවානය භාවිතයෙන් සිදුකර ඇත. මේ වන විටත් රුසියා, වියෙට්නාමය, තායිලන්තය හා ජපානය චීනය සමග සිදුකරන සියලූ ගනුදෙනු යුවනය භාවිතා කර පමණක් සිදුකරමින් සිටි. මෙම සංගමයේ අලූත්ම සාමාජිකත්වය  ඕස්ටේ‍්‍රලියාවට හිමි වූයේ දෙරට අතර ඇතිවුනු එකගතාවයක් මතය.
දැනටම ලන්ඩන්ල පැරිස් හා සුරිච් වල බැංකු යුවන් ඒකාධිකාරය දිනා ගැනීමට උත්සහ කරමින් සිටිග  ඕස්ටේ‍්‍රලියාවේ රිසව් බැංකුවද එහි විදේශ තැම්පතු වලින් ඩොලර් බිලියන් 2.1 ක් යුවන් වලට හරවා ඇත.
මෙලෙස යුවනය පාවෙන මුදල් ඒකකයක් කිරීමෙන් ආයෝජකයන්ට යුවන් මගින් ආයෝජනය කිරිම සදහා ඉඩ විවර වේග මීට පෙර යුවන් මගින් ආයෝජනය කල හැකිව තිබුනේ හොංකොං මගින් නිකුත් කල ඩිම් සුම් සුරැතුම් පත් මගිනි. නමුත් මෙලෙස යුවනය පාවීමට හැරීමෙන් චීනයේ උද්ධමනය ඉහල යාහැකි අතර ශ‍්‍රමයේ මිල අධික වීමෙන් එරට අපනයන ආර්ථිකයට ඍජුවම පහර වැදෙනු ඇත.
1997 සිදුවුනු ආසියා ආර්ථික කඩා වැටිමටත් 2008ල ඇමරිකානු බැංකු කඩා වැටි මෙන් සිදුවුනු ලෝක ආර්ථික අවපාතයටත් චීනය ගොදුරු නොවූයේ ඒවන විට යුවනය සංවෘතව තිබු බැවිනි.

cnewc / RT


0 comments:

Post a Comment