Sunday, April 21, 2013

සිනමාවට කල විනාශය, සංගීතයටත් කරන්න හදනවා -දෙරණ සභාපති


දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල පිළිබඳ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ මුලින්ම ඔබේ අදහස දැන ගන්න කැමතියි?
ඒ ප්‍රකාශය එතරම් පැහැදිලි නෑ. අනෙක එතන හිටපු අය ඒ අදහසට විරුද්ධවනේ තමන්ගේ මතය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම චන්න පෙරේරා වැනි තරුණ පෙළ නියෝජනය කරන කලාකරුවෙක්. එතන තිබ්බේ මියුසික් වීඩියෝ සම්මාන උළෙලක්නේ. ඒ කියන්නේ වීඩියෝවලට තමයි සම්මාන දුන්නේ. මියුසික් වලට නෙවෙයි.. මට පැහැදිලි වුණ දේ තමයි සෝමරත්න දිසානායක මහතා කතා කළේ ඒවායේ මියුසික් නැතිනම් ගී පදමාලා ගැන.හරිද? එතුමා ඇහුව ප්‍රශ්නය තමයි මේකද ලංකාවේ මියුසික් කියන්නේ’ කියලා.
අපටත් ඒකම අහන්න වෙනවා?
උත්තර භාරතීය සංගීතයත් ලංකාවේ මියුසික් නෙවෙයිනේ. ඒක ඉන්දියාවේ. එතකොට ලංකාවේ මියුසික් එහෙමනම් ජන සංගීතය විතරයි. අපි සුනිල් ශාන්තයන් ගම්මුකෝ.සුනිල් ශාන්තයන් පවා ඔය කියන ක්‍රමයට විරුද්ධ වෙලානේ ගුවන් විදුලි සංස්ථාවෙන් එළියට බැස්සේ.එතුමා ඕකට කිව්වේ 'ලංකස්ථානී’ කියලා.මෙතනදි අපි කළේ නොයෙක් සංගීත ශෛලීන්ගෙන් නිර්මාණය වූ මියුසික් වීඩියෝස්වලට සම්මාන පිරිනැමීම. අපි එය එක් භාෂාවකට සීමා කළේ නැහැ.උදාහරණයකට ගන්න ඉරාජ් ගේ ගීතය. ඒ ගීතය ඇතුළේ නේපාල භාෂාවයි, ඉංගී‍්‍රසි භාෂාවයි,සිංහල භාෂාවයි තුනම තියෙනවා.එතකොට ගිය අවුරුද්දේ මාල දිවයිනේ ජනපි‍්‍රයම ගීතය නිර්මාණය කරලා තියෙන්නේ ඉරාජ්.
ඔබ ඒ ජනපි‍්‍රයත්වය මනින නිර්ණායකය කුමක්ද?
දැන් ඔය චාට් ෂෝ කියලා තියෙනවානේ. ඒවායේ උඩටම ආපු ගීතයක් මේ. මේක මාලදිවයින් භාෂාවෙන් ඉරාජ් කරපු ගීතයක්.අපිට දර්ශනයක් තියෙනවනේ."ක්ෂිතජයෙන් එහා ලෝකය දකින තරුණයෝ’ කියලා. හරිග එතකොට දැන් බලන්න අපේ සම්මාන උළෙලට ජය ශ්‍රී ලා අවේ ඉතාලියේ ඉඳලා. ඒ වගේම චිත්‍රාල් සෝමපාල අවේ ජර්මනියේ ඉඳලා .ඔවුන් තමයි ලෝකය ජය ගත්ත ශ්‍රී ලාංකික සංගීතඥයෝ වෙන්නේ. එතකොට ආර්.එම්. දිනේෂ් කියන්නේ ලංකාවෙ කොල්ලෙක්.මේ දවස්වල එයා පිටරට ඉන්නේ."කඩෙල්’ කියන මනිරත්නම් ගේ චිත්‍රපටයේ ඒ. ආර්. රහුමන් ගේ සංගීතයටිවගුඩි කියන ගීතය ගායනා කරන්නේ එයා.අපේ සංගීත උළෙලෙත් එයාගේ ගීතයක් නොමිනේට් වුණා. ඒ තමයි ජාත්‍යන්තරය ජයගත්ත අපේ තරුණයෝ.
නමුත් ඔබ කියන ඔය නිර්මාණවල "දේශීය අනන්‍යතාවක්’ තියෙනවද? සෝමරත්න දිසානායක මහත්මයාගේ චෝදනාවත් ඕකමනේ?

මුලින්ම කියන්න ඕනෑ සෝමරත්න දිසානායක කියන්නේ අපේ හොඳ හිතවතෙක්. එතුමන් එක්ක අපේ කිසිදු පෞද්ගලික අමනාපයක් නෑ. මේක මතවාදී ගැටුමක් විතරයි. එතුමා එදා කළ ප්‍රකාශය අපි හෙළා දකින්නේ නෑ. ඒ වේදිකාව තිබුණේ ඒකට තමයි.නමුත් එතුමාගේ අදහසට ගරු කරනා ගමන් අපි අපේ මතයත් මෙසේ ගෙන හැර දක්වන්න ඕනෑ.දැන් ඔබේ ප්‍රශ්නයට යමු. සංගීතය විශ්ව භාෂාවක් කියන එක තමයි අපි පිළිගන්නේ. මොකද එහෙම නොවුනොත් අපට ජාත්‍යන්තරයට යන්න බෑනේ.
නමුත් අපි ජාත්‍යන්තරයට යායුත්තේ "අපේකම” රැකගෙන නේද?
ඔව් ඒ නිර්මාණවල බොහෝවිට අපේකම තියෙනවා. සෙන්ටිග්‍රේඩ්ලාගේ සමහර ගීතවල තියෙන්නේ අපේ ජන සංගීතයේ මූලාශ්‍ර. එතකොට භාතිය සන්තුෂ්ලගේ "රන් කුරහන් මල” ගීතය ගන්න.එතැන අපේකම නැද්ද? ඒ වගේ තව උදාහරන ඕනෑතරම් තියෙනවා.නමුත් අපි ඔවුන්ට මේ සම්මාන උලෙළේ විශේෂ සම්මානයක් පිරිනැමුවේ ඒ නිර්මාණ පක්‍ෂය සලකා බලලා නෙවෙයි.භාතිය සන්තුෂ් කියන්නේ මේ වීඩියෝ පරම්පරාවේ ආරම්භකයෝ නිසා.මේක වෙනම පරම්පරාවක් මේ මියුසික් වීඩියෝ පරම්පරාව.
ඒ පරම්පරාව ඉහළට ඔසවා තැබීමයි මේ. සම්මාන උළෙලේ අරමුණ වුණේ?

ඇයි එතකොට අමරදේවයන්ට, වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ වැනි ප්‍රවීණයන්ට සම්මාන නැත්තේ කියලානේ ඔබ ඔය අහන්නේ.හරි පැහැදිලි උත්තරයක් එතැන තියෙනවා. ගිය අවුරුද්දේ නිර්මාණය වුණ ඒගොල්ලන්ගේ මියුසික් වීඩියෝස් නැහැ.ගීතය දෘෂ්‍ය මාධ්‍යයට එනකොට වීඩියෝ නැතුව බැහැනේ. ඔය රාගධාරි සම්ප්‍රදායේ ගීතවලට තමා මමත් වැඩිපුර කැමැති. මම අමරදේවයන්ට කැමතියි.ඒ වගේම ජෝතිපාලටත් කැමැතියි.
කොහොම වුණත් මේ සම්මාන පිරිනැමුණේ ගීතයේ ගුණාත්මක පාර්ශවය සලකා බලා නෙවෙයි. එහි රූප රචනයට.එතකොට මේවා නිර්මාණාත්මක අතිනුත් ඉහළ මට්ටමේ තියෙනවා කියලද ඔබ කියන්නේ?

නැහැ.සමහර ගීත පිළිබඳ අපටත් ගැටලු තියෙනවා.ඇතැම් ගී පදමාලා හොඳ මට්ටමක නෑ.ඉතින් එහෙම දේවල් හොඳයි කියලා අපට නිර්දේශ කරන්න බෑනේ. අපි ඒ ඒ අංශයන්ට සම්මාන නොදුන්නේත් ඒ නිසයි. හැබැයි සංගීතය විශ්ව භාෂාවක්ය කියනතැන ඉඳන් බැලුවොත් අපට භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි. එතනදි ප්‍රමුඛතාව හිමිවන්නේ සංගීත පාර්ශවයට. දැන් බලන්න ඒ.ආර්.රහුමන් ඉන්දියාවේ සම්ප්‍රදායික සංගීත ක්‍රමවන ක්වාලී එතකොට ගසල් බටහිර සංගීත ශෛලිය එක්ක මුසුකරලා ඒක ලෝකෙට අරන් ගිහින් තියෙනවා. ඇකඩමි සම්මාන ගන්න තත්ත්වයට පවා ගිහින් තියෙනවා. ඒ නිසා මෙතනදි පැහැදිලිව කියන්න ඕනෑ අපි රූප රචනයට නෙවෙයි ගීත රචනයටයි සම්මාන දුන්නේ.
එතකොට හොඳ'මෙලඩි පවර්’ එකක් නැති දුර්වල පදමාලාවක් සහිත ගීතයකට වුණත් හොඳම මියුසික් වීඩියෝව විදිහට සම්මාන ලැබෙන්න පුළුවන්?

ඔව්. ඔව්.අනිවාර්යයෙන්ම. ඒත් අපිටත් ප්‍රශ්න තියෙනවා. ඕවයේ පදමාලා ගැන. ඒ වුණාට මම මුලිනුත් කිව්වා වගේ පදමාලාව බලන්නේ නැහැනේ. රූප රචනයට නේ සම්මාන දෙන්නේ.
ගීතයේ ප්‍රමිතිය රැකගන්නවා වෙනුවට ඇයි එහෙම ක්‍රමවේදයකට ඔබ ගියේ?
නෑ, එහෙමනම් අපි සංගීත සම්මාන උළෙලක් තියන්න ඕනෑ. මම එදාමත් කිව්වා. ඒක බොහොම බරපතළ කාර්යයක්. අපි තවම එතැනට ඇවිත් නෑ.ඒ නිසයි මේක මියුසික් වීඩියෝ සම්මාන උළෙලක් විදිහට අපි පැවැත්තුවේ.මෙතනදි සම්මාන දෙන්නේ රූප රචනයට,සංස්කරණයට,වගේ ඒවටනේ. බෙස්ට් පර්ෆෝමන්ස් කියලා අපි සම්මානයක් දීලා තියෙනවා. ඒ ගායකයා හෝ ගායිකාව කළ හොඳම රඟපෑමට. කිසිම වෙලාවක හොඳම ගායනයට, හොඳම ගීත රචනයට, හොඳම තනුවට අපි සම්මාන දුන්නේ නෑනේ.
එතකොට මොකක්ද ඔබේ අරමුණ මේ රූප රචනයට එහෙම නැතිනම් විෂුවල් එකට සම්මාන පිරිනැමීමේ?

ඒක ඉතාම පැහැදිලියි. සංගීත ක්‍ෂේත්‍රය අදවිශාල කර්මාන්තයක්. මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ රුපියල් බිලියනයක විතර පිරිවැටුමක් තියෙනවා.මම ඒක හරියටම ගණන් බලා නෑ.මේකේ නියැළිලා ඉන්නවා විශාල තරුණයෝ සංඛ්‍යාවක්. එතකොට අපේ ටෙලිවිෂන් කර්මාන්තයත් ඒකෙන් පෝෂණය වෙලා තියෙනවා. ඕනෑම ටෙලිවිෂන් චැනල් එකක නිකං තියෙන වෙලාවක් බැලුවොත් ඒකෙ ගහන්නේ මියුසික් වීඩියෝ. එතකොට මේකෙ නියැළිලා ඉන්න තරුණයෝ අලුත්, අලුත් දේවල් කරනවා.ඔවුන් දිරිමත් කිරීම තමයි අපේ අරමුණ වුණේ.
ඔය මොනවා කළත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරැකීම කාගේත් යුතුකමක් සහ වගකීමක් නේ?

මට කියන්න මොකක්ද ලාංකික අනන්‍යතාවය කියන්නේ.හින්දුස්ථානී රාගධාරී සම්ප්‍රදායට ද?
අපි මහා සම්ප්‍රදාය හැටියට පිළිගන්නේ එයනේ. දැන් අපි සුභාවිත ගීතය කියා හඳුන්වන්නේ ඔය කියන සම්ප්‍රදායේ මුලාශ්‍රවලින් බිහි වූ නිර්මාණවලටනේ.?
ඒක වෙනම සබ්ජෙක්ට් එකක්නේ. සුනිල් ශාන්තයන් ගුවන් විදුලියෙන් එළියට බැස්සේ ඔය පටු ආකල්ප නිසානේ. ඊළඟට ඔය සම්ප්‍රදායෙන් මිදුණ කොච්චර අය අපට හිටියද? සී. ටී.ප්‍රනාන්දුල ක්ලැරන්ස්ල රූකාන්ත වගේ අය දැන් ගිය අවුරුද්දේ ලෝකයේ ජනපි‍්‍රයම ගීතය මොකක් ද කියලා ඔබතුමා මට කියන්න.
ඔබතුමාම කියන්නකෝ?
Gangnam Style කියන කොරියන් ගීතය. හැබැයි ඒකේ භාෂාව විතරයි කොරියන්. ඒකේ ශෛලය 'හවුස්’ කියන සංගීත සම්ප්‍රදාය. අපි රෙගේ සම්ප්‍රදායට බිහිවුණ ගීතවලට සම්මාන දුන්නා.එතකොට 'රෙගේ’ කියන්නේ මොකක් ද? ජැමෙයිකන්. ඒකනේ සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ. දැන් ඔය කියන හින්දුස්ථානි රාගධාරි සංගීතයෙන් බිහිවන ගීතවලට ඒ අය බේස් ගිටාරය ගහන්නේ නැතිද? ඩ්‍රම්සෙට් එක ගහන්නේ නැතිද? ඔය ඇවිල්ලා බොහොම පටු දෘෂ්ටියක්.ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වගේ අයත් බටහිර සංගීතයෙන් නොමඳ අභාසයක් ලැබුවා.එතකොට සිම්ෆනි,ඔපෙරා, කැන්ටාටා කියන්නෙත් අපේ අනන්‍යතාවයද?
සම්මාන උළෙලකට වඩා රාත්‍රී සමාජ ශාලාවක මුහුණුවර තමයි එහි තිබුණේ කියා සෝමරත්න දිසානායක මහතා චෝදනාවක් එල්ල කළා. විශේෂයෙන්ම තරුණියන්ගේ ඇඳුම් ආයිත්තම් ගැන?
එතකොට ෆිල්ම් ෆෙයාර් වගේ සම්මාන උළෙලකට ඒ වගේ පිරිස් යන්නේ කුර්තා ඇඳගෙනද? ඔයා නිකං 60,70 ගණන්වල 'සරසවිය’ සම්මාන උළේලේ පින්තූර ටිකක් බලන්න. ගාමිණී ෆොන්සේකලා ජාතික ඇඳුම ඇඳගෙන ආවේ නෑනේ.ටයිපටි නෙවෙයි බෝ එක දාගෙනයි ඉන්නේ.එතකොට සම්මාන උළෙලවලට කොටට අඳගෙන ආපු අය නැතිද? ඒ ග්ලැමර් එක ආයිත් කළාම ජනතා ආකර්ෂණය නැතිවෙලා යනවනේ. එතකොට දේශීය අනන්‍යතාවයක් තිබුණේ නෑ කියන්න පුළුවන්නේ ඒ'සරසවිය’ සම්මාන උළෙලවලත්. ඔය වගේ කතා කියලා තමයි දේශීය සිනමාව කඩා වැට්ටුවේ. ඒවට ඇහුම්කන් දුන්නොත් මේවත් කඩා වැටෙයි.
ඔය සම්මාන උළෙලට පැමිණි අපේ ප්‍රවීණ ශිල්පීන් කිසියම් තාවකාලික උගුලකට හසුවී ඇති බවටත් දිසානායක මහතා චෝදනා නඟනවා?
එකක් කියන්න ඕනෑ. අපි'දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල මේ පවත්වන හතරවැනි වතාව.මේ ගොල්ලන්ගේ අවබෝධය බලන්න. දැන්ද ඇහැරුණේ. වටපිට ගැන,රටේ තොටේ වෙන්නේ මොනවද කියලාවත් දැනගෙන හිටියේ නැද්ද මෙච්චරකල්. එක්තරා සම්මාන උළෙලක දී අපි ගාව රෙකෝඩිස් තියෙනවා, තිස්ස අබේසේකරයන් ඉතාම ඉහළින් භාතිය, සංතුෂ්ලාව අගය කළා. ඔය කට්ටිය ඔක්කෝම පළවෙනි සම්මාන උළෙලෙදී එය අගය කළා.දැන් මේ අවුරුදු හතරකට පස්සෙයි වැරැදි කියන්නේ.ජනපි‍්‍රය වේගෙන එන දේට පහර ගහනවා.ඒක තමයි අපේ රටේ හැටි.මේ ගොල්ල බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් තුළින් යම් යම් නීති රීති පනවලා මේවට තියෙන ජනතා ආකර්ෂණය නැති කරන්න. ඒක තමා සිනමාවටත් වුණේ.එහෙම වුණාම ඒ අයට සනීපයි.එතකොට ඒ අයගේ දේවල් කරගෙන ගියෑකිනේ.
ඔබ කියන්නේ සෝමරත්න දිසානායක මහතා උත්සාහ කරන්නෙත් ඔය කියන කාරනාව ඉෂ්ටසිද්ධ කර ගන්නද?

ඒක මම දන්නේ නැහැ.මට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි එවැනි අතපෙවීම් තුළින් වෙන්නේ ඒක තමයි.දැන් යන්නේ වෙනම ගීත රැල්ලක්නේග.අපි සම්මාන දුන්නේ ඒ මියුසික් වීඩියෝස්වලට.මේවායේ ජනපි‍්‍රය ලක්‍ෂණ ඉවත් කළාම ඒ කර්මාන්තය කඩා වැටෙනවා. අද ඩවුන්ලෝඩ්ස්වලින් මිලියන දහය,දොළහ මුදල් උපයන ගායකයෝ,ගායිකාවෝ ඉන්නවා. BMW කාර්වල ඔවුන් යන්නේ.ඉතින් ඒක හොඳයිනේ.එහෙමනේ වෙන්න ඕනෑ. නැතිව ඒකටත් කොක්ක ගහලා වැඩක් නෑනේ.
මත විමසුම – අසංක දේවමිත්‍ර පෙරේරා

සෝමරත්න දිසානායක මහතාගේ මතය 
http://doopathainfo.blogspot.com/2013/04/blog-post_23.html

12 comments:

  1. ඔයාගේ ටි වී එක ගෙනනම් පට්ට පැහැදීමක් නැ මට ,ඒ වුනාට මේ කියල තියෙන ටිකනම් පට්ට

    ReplyDelete
  2. යුග පුරුෂයෝ ගැන බොහොම තදින් ඡන්නගේ ප්‍රකාශයට බුකිය පුරා කට්ටිය පහර ගැහුවා. යුග පුරුෂයෝ කියන එකේ තේරුමක් නොදන්න අයට කොහොමත්ම ඒ ප්‍රකාශය විවේචනය කරන්න අයිතියක් නෑ.

    යුග පුරුෂයෝ කියන්නේ යම් ක්ෂේත්‍රයක යුගයක් නිර්මාණය කරපු, ඊට පාදක වුන අය. භාතිය සංතුෂ් යුගයක් නැත්ද? දැනට හැදෙන චිත්‍රපට, නාට්‍යය වල භාවිතා වෙන්නේ භාතිය සංතුෂ් යුගයේ ගීත නොවේද? යුගයේ තියන අඩුපාඩු ගැන වෙනම කතා කරමු, නමුත් ඒ අඩු පාඩු සහිත යුගවලත් යුග පුරුෂයෝ බිහි වුණා. භාතිය සංතුෂ් වගේම ඉරාජ් වුනත් ඒ අරුතින් යුග පුරුෂයෝ තමා.

    ReplyDelete
    Replies
    1. obage adyapana mattama kohomada kiyanna mama dannne ne.namuth oba me katha karapu widiyata penawa oba weni nugath moda paramparawak nisa thamayi ape rate kalathmaka nirmana bihiwime prawanathawaya adu wela thiyenne kiyala.derana kiyanne sampurnayenma mudal ipeyime chethanaawen weda karana nalikawak.ape rate prashna wahanna owun rajayath ekka ekata weda karanne ithama pahath akaarayen.oba kiyanawa bathiya santhush iraj kiyanne yuga purushayan kiyala.e wage moda sangeetha nirmaanayak kiyanne mokakda kiyala andunanne nethi music mudalaalilaata yuga purushayan kiyala kiyanawanam kemadaasa master wage uththamayanta kiyanne kawru kiyalada?loka sangeethaya pilibandawa hasarak nodath ape moda tharuna tharuniyan mowun dewiyan lesa salakanne owunge adyapana mattama saha rasa windana mattama pahath thenaka thibena nisayi.bathiya santhush kiyanne jeewithanthaya dakwa sira danduwam lebiya yuthu horu dennek.owun pasu pasa yana hema denatama diya yuthu danduwamath ekama thamayi.obe nama "the modern patriot" kiyala thibunata oba eththatama modern nehe.eka obata therumganna nam library wala thiyana kalathmaka kruthin sambanda poth dahas gananak kiyawanna weyi.loka sangeethaya,loka sinamawa sparsha karannath weyi.oba kawada ho ese denuma laba gathahoth edina oba obge athitha meti mol adahas mathak kara lejjawen miriki yanu noanumaanaya.

      Delete
    2. Ane uba danna ilawwa kata wahagena idapiya

      Delete
    3. iraj ta yuga purushaya kiyana umbata unn thiyanawada kiyala atha gala balapan. yako uu salli viyadam karala anith evunta kiyala weda karawana ekek. uuge nama yanda

      Delete
  3. "ඔව්. ඔව්.අනිවාර්යයෙන්ම. ඒත් අපිටත් ප්‍රශ්න තියෙනවා. ඕවයේ පදමාලා ගැන. ඒ වුණාට මම මුලිනුත් කිව්වා වගේ පදමාලාව බලන්නේ නැහැනේ. රූප රචනයට නේ සම්මාන දෙන්නේ."

    තමන්ගේ වාසියට ගොන් කතා කියන්න එපා බන්. රුප රචනය කරන්නේ පදමාලාව හා සංගීතයට නම් කොහොමද රුප රචනය ස්වායත්ත වෙන්නේ. එක නිකන් වැරදියට foundation එක දාපු ගෙදරක බිත්ති හරියට තියනවා කියනවා වගේ. එහෙම වෙන්න බැ බන්. මුල ඇද නම් අග කොහොමටත් ඇදයි.
    සංගීතය විශ්ව භාෂාවක් බව ඇත්ත. නමුත් මෙතන රුප රචනා කරලා තියෙන්නේ ගීත වලට ගීතයකදී සංගීතය විතරක් නෙවේ වචනත් ඕන නේද ? ඒ වචන යොද්ද ගැනීම ගැන ඔබ කියන්නේ මොනවද? මොනවා හරි වචන ගොඩක් සංගීතයට අනුව කිවීම ගීතයද ? මෙතැනදී සෝමරත්න දිසානායක පැහැදිලි කරන්න ගියේ මේ දේ. කොහොම උනත් දේසපාලුවෝ රට කනවා තම්බි ක්‍රිස්තියානි කාරයෝ ආගම කනවා තොපි සංගීතය වගේ කලාවන් ටික කාපල්ලා. ඔක්කම ඉවර උනාම අපිට කට වහගෙන ඉන්න පුළුවන් බුදු සරණයි

    ReplyDelete
    Replies
    1. ඔය කියන එක හරි ,ඒ වුනාට සෝමරත්න තෙනක කියනවා "මියුසික් වීඩියෝ කියන්නේ රූපනම් ඇයි අපට බැරි සුභාවිත ගීතයට ;හාඳ හරවත්, සංවේදී සාහිත්‍යමය රූපරචනයක් කරන්න" ඉතින් එකට මිනිස්සු මක් කරන්නද ,අ ගායකයෝ එපයේ එක කරන්න ,ගායකයන්ට බෙරිනම් සොමරත්නල වගේ රජයේ වගයුතු තෙන් වල ඉන්න යට බැරිද ඒවගේ විදෙඕ වලට අතහිත දෙන්න ,මොකක් හරි කරන දෙකට ඇවිල්ල එක ට එක එක එව්වා කියන එකේ ,,කඩේ ගිහිල්ල තමන්ගේ වෙඩේ විතරක් කරගෙන ඉන්න එකද හරි ,චිත්‍රපටි කෙසේත්රයේ කට්ටිය දන්නවා මෙයාගේ කුහකකම් ,...

      Delete
  4. බාතිය සන්තිෂ් යුග පුරුෂයන් කියලනම් පිළිගන්න බැ , එහෙත් සෝමරත්න කියන්නෙත් කඩේයන බාතියල වගේම කුජීත මනුස්සයෙක් ,ඉතින් ඔයගොල්ලෝ කාටවත් ඕව ගෙන කතාකරන්න අය්තියක් නැ ,කේමදාස විතරයි යුග පුරුෂයෙක් කියල කියන්න පුළුවන් මනුස්සෙක් ඉන්නේ .

    ReplyDelete
  5. Somarathna dissanayaka wage gon aliyo innakan meh ratanam hadenne na.. thamange kaale iwarawegena eddi mulu ratath ekkama walata yanna dangalana minissungen ekkenek oya... thamange kaale iwara unanam wadak palak balagena beheth tika beela gedarata wela inna oni.. danne nathi magul gana katha karanna kisima aithiyak na.. moko redai hattei andan apita loke kohewath yanna bane.. thane hatiyata ane thiyenna oni.. loke diyunu weddi apith diyunu wenna oni.. naththan loketa apen wadakuth na apita loken wadakuth na.. respect eka thiyela awards ceramony ekata araadana karama ekata gihin lajja nathi katha kiyanne nathuwa asa naththan gedarata wela inna oni.. lajjai.. wadagath minissu modayo wage hasireddi kohomada ithin rata hadenne..

    ReplyDelete
  6. kemadasa karapu music wala original tiyenne Cheq republic wala ehe janasangethe copy ewa ,,,, ona kenek hariyata hoyala balanna kemadasa kareth lankawata lokuma boruwak eya yuga purushayek newei .....

    ReplyDelete