Saturday, April 27, 2013

නැවතත් යුද්ධයකට මුලපුරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ අදහසයි.ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී මිචෙල් සීසොන් .



එල්.ටී.ටී.ඊ. ය හා ශ‍්‍රී ලංකා රජය අතර යුද්ධය අවසන් අදියරේදී ශ‍්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන ලදැයි කියන යුද අපරාධවලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීම අතපසු කරන්නේ නම් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව නැවතත් යුද්ධයකට මුලපුරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ අදහසයි.
ශ‍්‍රී ලංකාවේ විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කොළඹදී පැවැත්වූ විශේෂ උත්සවයකදී ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී මිචෙල් සීසොන් මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය ලෙසින් සහභාගී වී උත්සවයේ ප‍්‍රධාන දේශනය සිදු කරමින් ශ‍්‍රී  ලංකාවේ අනාගතය ගැන එසේ අනතුරු ඇගවීමක් සිදු කළාය.
මිචෙල්  සීසන් මහත්මියගේ සම්පූර්ණ කතාව මෙසේය.
මේ අවස්ථාවට සහභාගී වන ලෙස මට කළ ආරාධනයට වගේම ඇමෙරිකාව ඉදිරියට ශ‍්‍රී ලංකාව සමග කටයුතු කරන්නට යන ආකාරය පිළිබදව හා මාධ්‍ය සමග ඇමෙරිකා රජය කොතරම් සහයෝගයෙන් කටයුතු කරන්නේද යන වග විදේශ මාධ්‍ය නියෝජිතයන් වන ඔබ ඉදිරියේ පැහැදිලි කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.
මගෙන් ඉල්ලා සිටියා ශ‍්‍රී ලංකාව සමග ඉදිරියේදී කටයුතු කරන ආකාරය ගැන කතා කරන්න කියා. ඊට පෙර මා ශ‍්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර අතීතයේ පැවත එන සබදතාවයේ වටිනාකම හා ශ‍්‍රී ලංකාවේ වර්තමනය දෙස ඇමෙරිකා රජය බලන කෝණය මෙන්ම අප ශ‍්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් සමළුව වෙත දෙවැනි යෝජනාව ගෙනාවේ ඇයිද යන්නත් මා පැහැදිලි කරන්නම්.
ශ‍්‍රී ලංකාව හා ඇමෙරිකාව සහයෝගයෙන් වැඩ කරන්න පටන් ගත් ඉතිහාසය ක‍්‍රි. ව. 1800 තරම් ඈතට දිව යනවා. ඒ කාලයේ ඇමෙරිකානු කොන්සල් නියෝජිතයා ගාලූ කොටුව හෝටලයේ ආලින්දයේ බලා සිටියාලූ. ඔහු එහෙම  ඉදගෙන  අපේ නැව් වල නාවිකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු කළා කියලා සදහන් වෙනවා. ඒත් දැන් අපි ඉන්නේ 21 වැනි සියවසේ. එදාට වඩා ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉතා  කාර්යබහුලයි. ශ‍්‍රී ලංකාව සමග අපේ බැදීම එදාට වඩා ගැඹුරුයි. ශ‍්‍රී ලංකාවට මානවවාදී ආධාර සහ සිවිල් සමාජය හා අධ්‍යාපනය සදහා ආධාර ලබා දෙන රටවල් අතරින් අප ප‍්‍රමුඛ රටක්.
ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හැම  මොහොතකදීම  අප උපකාර කර තිබෙනවා. 2004 සුනාමි ව්‍යසනය සිදු වූ වෙලාවේ ශ‍්‍රී ලංකාවේ උප්කාරයට ‘ඩුලාත්’ යුද නෞකාව ඉතා ඉක්මනින් එවුවා. ඒ වගේම සුනාමි ව්‍යසනය  නිසා පීඩාවට පත් වූ ශ‍්‍රී ලංකාවාසී සියලූ ජනතාවට දුක්පීඩාවලින් ගොඩ එන්න ඇමෙරිකාව විශාල ලෙස උදවු කළා.
ජනාධිපතිවරයෙක් වූ රණසිංහ පේ‍්‍රමදාල මහතා පවා ඝාතනය කළ ශ‍්‍රී ලංකාවේ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය අවසන් කරන්නට අප සෑම අයුරකින්ම ශ‍්‍රී ලංකා රජයට හා ජනතාවට උදවු කළා.
අපිත් ත‍්‍රස්තවාදයට මුහුණ දී ඇති රටක් ලෙස ත‍්‍රස්තවාදය නිසා සමාජය හා රටකට සිදුවිය හැකි හානිය ගැන මනා වැටහීමක් තිබෙනවා.
එල්. ටී. ටී. ඊ. ය අන්තර්ජාතිකව තහනම් කිරීමේ වැඩසටහනේ පුරෝගාමී වැඩ කොටසක කළේ ඇමෙරිකාවයි. එම තහනම හේතුවෙන් එල්. ටී. ටී. ඊ. යට ආධාර කළ අන්තර්ජාතික ජාලය අඩපණ කරන්නටත් එහි අවසානය ළගා කරන්නටත් හැකි වුණා.  තවමත් ඇමෙරිකාවේ තහනම් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස එල්. ටී. ටී. ඊය පවතිනවා. ත‍්‍රස්තවාදී සංවිධාන වලට එරෙහිව ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑමේ අභියෝගය අප දන්නවා. ඒ වගේම ජාතියක් ලෙස වැදගත් කාරණාවක් වන අසීරු අවස්ථාවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යයද පවත්වාගෙන යෑමේ අභියෝගයද ඉතා වැදගත්.
ශ‍්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර දිගු කාලීන හා ශක්තිමත් බැදීමක් පැවතියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගය සුරැකීම  උඩයි. එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගය අභියෝගයට ලක්වන හෑම මොහොතේම අප ඒ වෙනුවෙන් කතා කරනවා.
ඔබලා දන්නා පරිදි ඇමෙරිකාව මාධ්‍යවේදීන්ට  සිදුවන තර්ජන පිළිබද නිතර අවධානයෙන්  සිටින රටක්. මාධ්‍යවේදීන් කීප දෙනෙක් රට හැර ගිහින්. ඒ වගේම සමහර මාධ්‍යවේදීන්ට සිදුවූ පහරදීම් අදටත් විසදී නැහැ. 2009 දී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය හා 2010 දී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම හා 2011 දී උදයන් පුවත්පතේ කර්තෘ ඥානසුන්දරම් තුගනාදන්ට පහරදීම එවැනි සිදුවීම්. මේ දේවල් ගැන ඔබේ අවධානය යොමු කළේ අප හැම වෙලේම මුළු ලෝකයේම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින වග කියන්නටයි.
නියෝජිත  ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින රටක ආණ්ඩුවක් කටයුතු කරන ආකාරය හා එහි තත්ත්වය ගැන දැන ගැනීමට පුරවැසියන්ට අයිතියක් තිබෙනවා. මෙන්ම එහි අයිතිය රට වැසියාට ලබාදීම එහි ආණ්ඩුවේ වගකීමයි. එය පුරවැසියාගේ නීත්‍යානුකූල මානව හිමිකමක්.
2013 ජිනීවා මානව හිමිකම් සමුළුවේ සහ එල්. එල්. ආර්. සී. වාර්තාවේ නිර්දේශ වල එන ප‍්‍රධාන  කාරණයක් වන්නේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතියයි. ඒ වගේම මෑතකදී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත්කරන්න ක‍්‍රියාත්මක කළ ක‍්‍රියාපටිපාටිය නිදහස් අධිකරණයක පැවත්මට බාධාවක් බව ඇමෙරිකාව සිතනවා.
ඒ වගේම  මෑතකදී අධිකරණ සේවා කොමිසම විසින් සිදු කළ මහේස්ත‍්‍රාත්වරුන්ගේ හා විනිසුරුවරුන්ගේ මාරුවීම් පිළිබද ශ‍්‍රී ලංකා නීතිඥ  සංගමය පවා උප කමිටුවක් හරහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
පසුගිය ජිනීවා යෝජනාවලියේදී ආගමික ඇදහීම්  මත වෙනස්ව සැලකීම ගැන අවධානය යොමු කළා. ඒ වගේම ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර ඉලක්ක කරගෙන පසුගිය දිනවල සිදු වූ පහරදීම් ගැනත් අප විශේෂ අවධානයක් යොමු කරගෙන තිබෙනවා.
සත්‍ය වශයෙන්ම 2009 මැයි මස එල්. ටී. ටී. ඊ. යට විරුද්ධව කළ යුද්ධය අවසන් වූවට පසු  ජාතික සංහිදියාව හා වගකිවයුතු භාවය පිළිබද ශ‍්‍රී ලංකා රජය ගත් පියවර ගැන අප එතරම් පැහැදීමක් නැහැ. මේ දෙවැනි යෝජනාවක් ගේන්න කුමන හේතුවකටදැයි බොහෝ දෙනෙක් මාගෙන් විමසුවා. මම ඒකට හේතුව පැහැදිලි කරන්නම්.
2012 වසරේ මුලින්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට  ඇමෙරිකාව ශ‍්‍රී ලංකාව පිළිබද බහුතර රටවල සහායෙන් ගෙනා යෝජනාවෙන් ශ‍්‍රී ලංකාවට පැහැදිලි පණීඩයක් දුන්නා. ඔවුන් ජාතික ඒකාබද්ධතාව හා වගකිවයුතු භාවය පිළිබද ඉටු කර ඇති වැඩ කොටස ප‍්‍රමාණවත් නැති බවයි ඒ මගින් ශ‍්‍රී ලංකා රජයට අවධාරණය කළේ. තමන්ගේ ජනතාව වෙනුවෙන් තමන් විසින්ම පිහිටවූ එල්.එල්.ආර්.සී. කමිටුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කර අන්තර්ජාතික ප‍්‍රජාවෙන් මතුවිය හැකි ගැටලූවලට පිළිතුරු සොයන ලෙසයි.
2012 යෝජනාවෙන් පස්සේ අප ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීමේ තත්ත්වය ගැන විශේෂ අවධානයෙන් පසු වුණා ඔවුන් එල්. එල්. ආර්. සී. නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න ඉතා සාධනීය පියවරක් ලෙස ජාතික  ක‍්‍රියාකාරී සැලැස්ම ප‍්‍රකාශයට පත්කිරීම සතුටට හේතු වූ කරුණක් වුණා. එහෙත් කණගාටුවට කරුණක් වුණේ ඒ ජාතික ක‍්‍රියාකාරී සැලැස්මෙන් එල්. එල්. ආර්. සී. නිර්දේශ සියල්ල ආවරණය කර නොතිබූ එකයි.
අපට මෙය තේරුම් ගත හැකියි. එහෙත් මේ  ක‍්‍රියාවලිය ඉතා ඉක්මනින් ආරම්භ කළා නම් යම්කිසි ඉක්මන් සාර්ථකත්වයක් දකින්න තිබුණා.
ශ‍්‍රී ලංකා රජය ඉටු කරන්න පොරොන්දු වූ සමහර කරුණු පිළිබද ජාත්‍යන්තරය නිරන්තරයෙන්ම විමසිලිමත් වුණා. උදාහරණයකට කියනවා නම් 2006 ජනවාරි ත‍්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු වෙඩි තබා මරා දැමීම ප‍්‍රංස  “Action Against Hunger” රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු එම වසරේදී මූතූර්හිදී මරා දැමීම මතක් කළ හැකියි. මේ සිද්ධි ගැන පරීක්ෂණ පවත්වන්න කොමිෂමක් පත්කර තිබුණත් වසර 6කට පසුවවත් කිසිම චූදිතයෙකුට  දඩුවම් ලැබී නැහැ. එල්. එල්. ආර්. සී. නිර්දේශවලදී බලහත්කාරයෙන් හා කැමැත්තට පිටුපා අතුරුදහන් වීම් සොයා බැලිය යුතු ආකාරය ගැන කියා නැහැ. අඩුම තරමේ මෙවැනි සිද්ධි ගැන පරීක්ෂා කරන්න විශේෂ කොමසාරිස්වරයකු හෝ පත් කර නැහැ. නිදහසේ ගමන් කිරීමේ අයිතිය පවා උල්ලංගනය කර තිබෙනවා. එයට ළ`ගම උදාහරණය අතුරුදහන් වූ අයගේ පවුල් වල උදවිය තමන්ගේ ඥාතීන්ට සිදුවූයේ කුමක්දැයි යන්න විමසීමට කොළඹ  එද්දී  වවුනියාවේදී ඒ අය නවතා කොළඹට එන්න ඉඩ නොදීමයි.
ශ‍්‍රී ලංකා රජය නිතරම රාජතාන්ත‍්‍රික නියෝජිතයන් හට එල්. එල්. ආර්. සී. නිර්දේශ ක‍්‍රියාත්මක වන ආකාරය ගැන පැහැදිලි කරන එක ගැන සතුටු වෙනවා. එහෙත් නියම සංහිදියාවක් ඇති කර ගැනීමට අවශ්‍ය කාරණා පිළිබද අවධානය ශ‍්‍රී ලංකා රජය යොමුකර නැහැ. නියම සංහිදියාව ඇති කර ගැනීම සදහා දෙමළ ජාතික සංධානය හා සාකච්ජා කිරීම තීරණාත්මකයි.
ඉඩම් අයිතිය පිළිබද මතුවී ඇති ගැටලූ විසදා ගැනීමට නම් ඒවා අයිති අයට නැවත ලබා දිය යුතුයි. යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව නැවත පදිංචි කරනවා වගේම ඔවුන්ට පෙර පරිදි තමන්ගේ ගොවිතැන්, ධීවර කටයුතු වලට බාධාවකින් තොරව ඉඩ දිය යුතුයි.
ශ‍්‍රී ලංකා රජය තමන් විසින්ම පත් කළ එල්. එල්. ආර්. සී. කමිටුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබද අප එක්සත් ජනපදය අවධානයෙන් සිටියා. අප ශ‍්‍රී ලංකාව පුරා තත්ත්වය සොයා බැලූවා. ශ‍්‍රී ලංකා රජය අප වෙත නිරතුරුවම ඔවුන් විසින් ලබාගත් ජයග‍්‍රහණ ලෙස සදහන් කරන දේවල් ගැන අප සතුව ඇති තොරතුරු  සමග සැසදුවා එවිට අපට වැටහුණා 2012 දී ජිනීවාවලට  ඉදිරිපත් කළ යෝජනාවල සමහර කරුණු වලට කිසිදු දෙයක් වෙලා නැති බව.
මේ තත්ත්වය අපෙ ලොව වෙනත් රටවල් සමග සාකච්ජා කළාම ඔවුන් අපේ අදහස් සමග එකග වුණා. සමහරු මගෙන් ඇහුවා සංහිදියාව හා වගකිවයුතු භාවය ලෙස ඇමෙරිකාව අදහස් කරන්නේ කුමද්ද කියා.
සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට සැබෑ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්විය හැකි ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලැබෙන පරිසරයක් නිර්මාණය කිරීම සංහිදියාව ලෙසත් අන්තර්ජාතික සම්මුති උල්ලංගනය කරමින් වැරදි කළ අය සොයා බලා දඩුවම් ලබාදීම වගකිවයුතු භාවය ලෙසත් මා පිළිතුරු දුන්නා.
කිසියම් රජයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුණත් තමන්ගේ හමුදාවලට එරෙහිව තියෙන බරපතළ මානව හිමිකම් කඩකිරීම් චෝදනාවලට සාධාරණ ලෙස වගඋත්තර  බැදිය යුතුය. ඒ වගේම මේ චෝදනා පිළිබද යුද හමුදාව විසින්ම සිදු කළ පරීක්ෂණයේ ප‍්‍රතිඵල වාර්තාව ප‍්‍රසිද්ධ කරන ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
2013 මාර්තු ජිනීවා යෝජනා වලින් පස්සේ ශ‍්‍රී  ලංකා රජය ඒ පිළිබද කටයුතු කරන ආකාරය  ගැන අප ඉතා අවධානයෙන් පසුවෙනවා. ඒ සමගම මතුවෙන ප‍්‍රශ්ණය  තමයි ඊලගට මොකද වෙන්නේ කියන එක. මා කියන්නේ එය රැුදී පවතින්නේ ශ‍්‍රී ලංකාව මත කියලා. එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කොමසාරිස්වරිය 2013 පෙබරවාරි 11 වැනි දින කොමිසමට ඉදිරිපත් කළ වාර්තාව අනුව චෝදනා විමසීම සදහා ස්වාධීන හා සාධාරණ අන්තර්ජාතික පරීක්ෂණයක් නිර්දේශ  කර තිබේ. මේ නිර්දේශය 2013 දෙවැනි යෝජනාවේදී සැලකිල්ලට ගැන ශ‍්‍රී ලංකාව දක්වන ප‍්‍රගතිය ගැන ලබන සැප්තැම්බර් මාසයේ වාර්තාවක් හා 2014 මාර්තු මාසයේ පූර්ණ සවිස්තර වාර්තාවක් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස කොමසාරිස්වරියට දන්වා තිබෙනවා. ඒ වගේම තවත් කරුණු 8ක් පිළිබද අවධානය යොමු කරන ලෙස මෙවර යෝජනාව මගින් ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙන බව මා පවසනවා.
අපේ මීලග පියවර වන්නේ මානව හිමිකම් පිළිබද අප සතුව ඇති යාන්ත‍්‍රණයෙන් හා ඉන් එහාට පවතින දේ ගැන අවධානය යොමු කිරීමයි. සංහිදියාව හා වගකිවයුතු භාවය පිළිබද නිර්දේශ කර ඇති කරුණු පිළිබද ශ‍්‍රී ලංකාවේ අවධානය සුළුකොට නොතැකිය යුතුය. එය සෞභාග්‍යවත් හා සාමකාමී රටක් බිහි කිරීම සදහා අත්‍යවශ්‍ය කාරණයක්. මෙවැනි නිසි පිළිතුරු ලබා නොදුන් සමාජයක් නැවතත් පෙර පැවති ගැටුම්කාරී තත්ත්වයකට පසු කාලයේදී යොමු  විය හැකි බව ඉතිහාසයේ උදාහරණ තිබෙනවා. ඒ නිසා කෙතරම් අසීරු වුණත් මේ ගැටලූවලට පිළිතුරු දියයුතු වෙනවා.
ශ‍්‍රී ලංකාවට අලූත් අවුරුද්දක් ලැබුවා. අලූත් අවුරුද්ද පටන් ගන්නේ නව බලාපොරොත්තු, නව පොරොන්දුත්  එක්ක. මේ නව ආරම්භය සංහිදියාව හා වගකිවයුතු භාවය පිළිබද නව ආරම්භයක්  වේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ මගිින් සියලූ දෙනාට සාමයක් සහජීවනයෙන්  ජීවත් වෙන්න හැකි නව සමාජයක් බිහිවේ යැයි අප බලාපොරොත්තු වෙනවා.’’

3 comments:

  1. me madam api dannawa oyala kohomath apita adare ne kiyala,oyalata one api wage podi ratawal pagagena kanna didi inna,thaniyama negitinawa balan inna be,kamak ne oyalanethuwath bene ,mekai ape ewungeth ambanaka weradi thiyenawathamai ,eka nisa kata wahagena balann inna thama thiyenne..

    ReplyDelete
  2. loke palanayakaranagamangedarapupuranabombagenathbeluwoth thamahonda

    ReplyDelete
  3. සුදු බබාApril 27, 2013 at 1:33 PM

    උණු හින්ද බොන්නත් බැ , කිරි හින්ද අහක දාන්නත් බැ

    ReplyDelete