ඉන්දියානු කිරිකට් ක්‍රීඩක විරාත් කෝලි යනු ශ්‍රී ලාංකික කිරීඩා ලෝලින්ගේද වැඩි ප්‍රසාදයක් ඇති ක්‍රීඩකයෙක් නෙමේ ,කෝලි මිට කලින් ඔස්ට්‍රලියානු තරගයකදී ප්‍රේක්ෂකාගාරයෙන් ඔහුට බනවදුන බව පවසා ඔවුනට " fuck " යන්න අතින් සනිටුහන් කිරීම නිසා දඩ මුදලකට යත්වීම හා කිර්තිතිනමයටත් හනිකරගත්තා ,එහෙත් කිරිඩකයන් දෙවියන් මෙන් අදහන ඉන්දියාවෙන්ම ඔහුට විරෝධය නෙගෙන්නට පටන් අරන් ,මෙයට හේතුව වතාවන් කිහිපයකම ඉන්දියානු ක්‍රීඩකයන් සමගම ipl තුලදී ගැටළු මතුකරගනිමයි .facebook twitter වෙනි සමාජ වෙබ් අඩවි හරහාද මේ පිළිබද රසිකයන් කොලිට පහුගිය කාලයේම ප්‍රහාර එල්ල කලා ,පසුගියදා mumbai indian සමග තරගයේදී ,කෝලි පෙමිනෙද්දී ප්‍රේක්ෂකාගාරයේ boooooo හඬ උතුරා ගියා ,මේ ඒ අවස්ථාවේ කෝලි දෙක්වූ අදහසයි
Monday, May 6, 2013
Thursday, May 2, 2013
ඩොලර්, පවුම්, යුරෝ, ෆ‍්‍රෑන්ක් හාන්සියි…. චීන යුවානය ලොව රජවේ
තවදුරටත් සංවෘත මුදල් ඒකකයක් නොවන චීන යුවානය ඩොලරය හා යුරෝව අභිබවා ලෝක ආර්ථිකය නව මගක ගෙන යමින් සිටි. ආයෝජන වල වටිනාකම දිනෙන් දින පහල යන බැවින් ඩොලරය, යුරෝ, ජපානයේ යෙන්, බි‍්‍රතාන්‍ය පවුම් හා ස්විස් ෆ‍්‍රෑන්ක් මගින් ආයෝනයන් කිරිමෙන් ඉවත් වෙති.
මීට වසර 10කට පෙර විදේශ ආයෝජකයන්ට සම්පූර්ණයෙන්ම තහනම්ව තිබු යුවානය ඔවුන්ගේ නව ඉලක්කයවී HSBC වාර්තාවලට අනුව 2015 වන විට ලොව වැඩිපුරම භාවිතා කරන මුදල් ඒකක අතරට යුවනයද පැමිණෙනු ඇත.
පසුගිය අපේ‍්‍රල් මස සිදුකල විදේශ ගනුදෙනු 1/4 ක්ම යුවානය භාවිතයෙන් සිදුකර ඇත. මේ වන විටත් රුසියා, වියෙට්නාමය, තායිලන්තය හා ජපානය චීනය සමග සිදුකරන සියලූ ගනුදෙනු යුවනය භාවිතා කර පමණක් සිදුකරමින් සිටි. මෙම සංගමයේ අලූත්ම සාමාජිකත්වය ඕස්ටේ‍්‍රලියාවට හිමි වූයේ දෙරට අතර ඇතිවුනු එකගතාවයක් මතය.
දැනටම ලන්ඩන්ල පැරිස් හා සුරිච් වල බැංකු යුවන් ඒකාධිකාරය දිනා ගැනීමට උත්සහ කරමින් සිටිග ඕස්ටේ‍්‍රලියාවේ රිසව් බැංකුවද එහි විදේශ තැම්පතු වලින් ඩොලර් බිලියන් 2.1 ක් යුවන් වලට හරවා ඇත.
මෙලෙස යුවනය පාවෙන මුදල් ඒකකයක් කිරීමෙන් ආයෝජකයන්ට යුවන් මගින් ආයෝජනය කිරිම සදහා ඉඩ විවර වේග මීට පෙර යුවන් මගින් ආයෝජනය කල හැකිව තිබුනේ හොංකොං මගින් නිකුත් කල ඩිම් සුම් සුරැතුම් පත් මගිනි. නමුත් මෙලෙස යුවනය පාවීමට හැරීමෙන් චීනයේ උද්ධමනය ඉහල යාහැකි අතර ශ‍්‍රමයේ මිල අධික වීමෙන් එරට අපනයන ආර්ථිකයට ඍජුවම පහර වැදෙනු ඇත.
1997 සිදුවුනු ආසියා ආර්ථික කඩා වැටිමටත් 2008ල ඇමරිකානු බැංකු කඩා වැටි මෙන් සිදුවුනු ලෝක ආර්ථික අවපාතයටත් චීනය ගොදුරු නොවූයේ ඒවන විට යුවනය සංවෘතව තිබු බැවිනි.
cnewc / RT
සිසුවියක් නිරුවත් පාප් ඇඳුමකින්… බිෂෝප් වරුන්ගේ සංගමය කෝපයෙන්
කානිගී මෙලන් විශ්වවිද්‍යාලයේ වාර්ෂිකව පවත්වන කලා පා ගමනේදී එක් සිසුවියක් පාප් වහන්සේ නිරුවතින් සිටින සේ පෙනෙන ඇදුමකින් සැරසී සහභාගිවී සිට ඇත.
පීටස්බර්ග් හී පිහිටි කතෝලික බිෂෝප් වරුන ගේ සභාව මේ සම්බන්ධයෙන් දැනුවත්වූ පසු මෙම සිසුවිය හට විශාල ගැටලූවකට මුහුණ දීමට සිදුවිය හැකිබව පැවසේ.
බිෂෝප් වරුන්ගේ සභාව මෙම නිර්ණාමික සිසුවිය ගේ අසෝබන කි‍්‍රයාව හේතුවෙන් කෝපවී සිටින බව සදහන් වේග සිසවිය උඩුකය පමණක් ආවරණය කරමින් පා ගමනට සහභාගි වී ඇත.
එම සිසුවිය තම ලිංගික ප‍්‍රදේශයේ ඇති රෝමකූපයන් කුරුසයක හැඩයෙන් සකසාගෙන සිට ඇතග මෙසේ ගමන් ගත් සිසුවිය පා ගමන නැරඹීමට පැමිණි පිරිස වෙත උපත්පාලන කොපු බෙදා දෙමින් ගමන් කර ඇත.
ඬේවිඞ් සුබික් නම් බිෂෝප් වරයා සදහන් කරනුයේ අප කවුරුත් තරුණ කාලයේදී මෝඩ වැඩ කරන බවත් නමුත් මෙවැනි සීමාව ඉක්ම වීමක් බලාපොරොත්තු නොවන බවත්ය.
මෙම සිදුවීමට විරුද්ධව ප‍්‍රසිද්ධ විරෝධතාවක් සදහා ඔවුන් සති දෙකක කාලයක් බලා සිටි බවද පැවසේග මෙම විරෝධතාවයට ප‍්‍රථම විශ්වවිද්‍ර්‍යාලය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ. මෙය සිදුකල සිසුවියට දඩුවමක් ලබාදීමට බලාපොරොත්තු වන බව බිෂෝප් වරයා පැවස ඇත.
අර කලාකරුවො රැළ දැක්කම ලජ්ජාවෙ බෑ - නිරිඇල්ල
පරාක‍්‍රම නිරිඇල්ල: වේදිකාව, සිනමාව සහ රූපවානිය යන තුන් ඉසව්වේ ම නිපුණ කලාකරුවෙකි. නාට්‍යය කලාව හුදී ජනයා අබිමුඛ කරනු වස් ඔහු විසින් දියත් කරන ලද ‘‘ජනකරළිය’’ නම් වූ නාට්‍යය කණ්ඩායම මේ වන විට දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි සංදර්ශන පවත්වමින් සිටිති. මේ වන විට ජනකරළිය කරළියට පැමිණ වසර දහයකි. එය මෙරට නාට්‍යය ක්ෂේත‍්‍රය අත්පත් කොට ගත් විශිෂ්ට ජයග‍්‍රහණයකි.
‘‘ජනකරළිය’’ කණ්ඩායමේ ආරම්භය, විකාශනය, වත්මන් තත්ත්වය සහ ලාකේය කලාකරුවාගේ වත්මන් භූමිකාව කෙබදුද යන්න පිළිබඳ පරාක‍්‍රම නිරිඇල්ල කලාකරුවා සමඟ theindipendent.lk වෙබ් පුවත්පතකළ පිළිසඳර මෙලෙසින් පාඨකයින් හමුවේ තබමු.
මොනවද මේ දවස්වල කෙරන කටයුතු?
මුලතිව් දිස්ත‍්‍රික්කය ආවරණය වන පරිදි මෙරිටයින්පත්තු, තූමුක්කායි සහ මාන්ති ඊස්ට් යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස තුනේ ජනකරළිය කණ්ඩායම සමඟ වැඩකටයුතු කරමින් සිටිනවා. මෙහි දී වැඩි අවධානයක් යොමු කරල තිබෙන්නෙ සංවාද මණ්ඩප නාට්‍යය වෙත. ‘චරන්දාස්’, ‘තඹර පර අන්දර’, ‘‘කාන්තාව’’ වැනි නාට්‍යය තමයි ප‍්‍රදර්ශනය කරමින් පවතින්නෙ. මෙම නාට්‍යය ප‍්‍රදර්ශන ආරම්භ කළේ මාර්තු මාසෙ. මැයි මාසෙ 14 වෙනිදා දක්වා එම නාට්‍යය ප‍්‍රදර්ශනය පැවැත්වෙනවා.
ඔබේ කලා කටයුතු ඔය ආකාරයෙන් කරගෙන යද්දි වර්තමානයේ ලංකාවේ කලාව සහ කලාකරුවන් පිලිබඳ ඔබ දරන අදහස මොන වගේද?
මට පෙනෙන සහ දැනෙන විදියට නම් වර්තමානයේ පවතින්නෙ කලාවට සහයෝගය දෙන මුවාවෙන් වෙන දෙයක් කරන ආකාරයක්. කලාකරුවන් කලාවේ නිරතවීමේ දී සහ කලාව සිදුවෙද්දි එහි ප‍්‍රවර්ධනයක් තිබිය යුතුයිනෙ. ඒ වගේම ඒ ප‍්‍රවර්ධනය ඇතිවන කේන්‍ද්‍රස්ථානත් තිබෙනවා. දැන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ බැලූවොත්: නැටුම්, සංගීතය, චිත‍්‍ර කලාව සහ නාට්‍යය සහ රංග කලාව ආදී දේවල් තිබෙනවා. නමුත් ඒ කලාව විභාගවලට පමණක් සීමා වුන කලාවක්. විභාගය සමත්වෙලා සහතිකයක් ලබාගැනීම සඳහා පමණයි මෙම සෞන්දර්යය විෂයයන් ඉගැන්වෙන්නෙ. පාසල් විභාග ම්ට්මෙන් අනතුරුව විශ්වවිද්‍යාල මට්ටමෙනුත් කලාව උගන්වනවා. ඒ සම්බන්ධයෙන් උපාධි ලබාගත් පිරිසකුත් සිටිනවා.
මට පෙනෙන සහ දැනෙන විදියට නම් වර්තමානයේ පවතින්නෙ කලාවට සහයෝගය දෙන මුවාවෙන් වෙන දෙයක් කරන ආකාරයක්. කලාකරුවන් කලාවේ නිරතවීමේ දී සහ කලාව සිදුවෙද්දි එහි ප‍්‍රවර්ධනයක් තිබිය යුතුයිනෙ. ඒ වගේම ඒ ප‍්‍රවර්ධනය ඇතිවන කේන්‍ද්‍රස්ථානත් තිබෙනවා. දැන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ බැලූවොත්: නැටුම්, සංගීතය, චිත‍්‍ර කලාව සහ නාට්‍යය සහ රංග කලාව ආදී දේවල් තිබෙනවා. නමුත් ඒ කලාව විභාගවලට පමණක් සීමා වුන කලාවක්. විභාගය සමත්වෙලා සහතිකයක් ලබාගැනීම සඳහා පමණයි මෙම සෞන්දර්යය විෂයයන් ඉගැන්වෙන්නෙ. පාසල් විභාග ම්ට්මෙන් අනතුරුව විශ්වවිද්‍යාල මට්ටමෙනුත් කලාව උගන්වනවා. ඒ සම්බන්ධයෙන් උපාධි ලබාගත් පිරිසකුත් සිටිනවා.
නමුත් මෙය සමාජගත වන විට භාවිතයක් නෑ. එහි දී වඩාත් පැහැදිලි වෙනවා මෙය ක‍්‍රියාත්මක වෙන්නෙ ඉගෙනීම් ක‍්‍රියාවලිය තුළදි පමණක් බව. මේ ඉගෙනීම් ක‍්‍රියාවලිය තුළින් බිහි වුන රසික පිරිසකුත් නෑ. උදාහරණයක් ගමු. පාසල්වල චිත‍්‍ර කලාව උගන්වනවා. නමුත් එය ප‍්‍රමාණවත් නැහැ. චිත‍්‍ර කලාවේ ප‍්‍රවර්ධනයට අධ්‍යාපනයෙන් පරිබාහිර ක‍්‍රියාවලියක් තිබිය යුතුයි. පරිබාහිර ක‍්‍රියාවලියක් යනුවෙන් මම අදහස් කළේ ඒ චිත‍්‍ර නරඹන පිරිසක් සිටිය යුතුයි. ජිවිතයට සෞන්දර්යය අවශය යැයි හැඟෙන සමාජයක් බිහි විය යුතුයි. නමුත් එවැනි සමාජයක් බිහිවෙලා නෑ. ඒ නිසා හැම මොහොතක ම සෞන්දර්යය කලාව: හුදෙකලා වුන, ප‍්‍රවර්ධනය නොවුන, සමාජ ගතනොවුන කලාවන් සමූහයක් බවට පත්වෙලා.
චිත‍්‍ර පිළිබඳ හොඳ ම උදාහරණය කලා භවනෙ තිබෙන චිත‍්‍ර. එහි ප‍්‍රදර්ශනයට තිබෙන්නෙ කාලයක් තිස්සෙ මිනිස්සු නරඹපු පරණ චිත‍්‍ර කිහිපයක්. නමුත් අපිට නව චිත‍්‍ර ශිල්පීන් ඉන්නවා. අද්‍යතන චිත‍්‍ර කලාවක් තිබෙනවා. නමුත් එවැනි ශිල්පින් හෝ නිර්මාණ තක්සේරුවක් කලා භවන ආශ‍්‍රිතව සිදු වෙන්නනෙ නැහැ. දැන් කෙනෙකුට අහන්න පුළුවන් ‘ඇයි අර විහාරමහා දේවී පාර්ක් එකේ වැටේ එල්ලල තියෙන්නෙ චිත‍්‍ර නෙවෙයිද?’ කියල. ඒ නිර්මාණ චිත‍්‍ර කලාව විදියට සලකන්න මම කැමති නෑ. ඒ මාර්කට් කරන්න පුළුවන් වෙළෙඳ භාණ්ඩ ටිකක් පමණයි. නාට්‍යය කලාව ගත්තත් ඔය විදියමයි. නර්තන කලාව ගත්තත් එහෙමයි. නර්තන කලාව නිර්මාණය වෙන්නෙ අපේ සම්ප‍්‍රදායත් සමඟ. ඒ සම්ප‍්‍රදායික නැටුම් කලාව වර්තමානයේ ආයතන ගතවෙලා. ඒ කලාවත් කරළියට එන්නෙ විෂයයක් විදියට. ඊළඟට එය භාවිතා කරන්නෙ මොනවටද? දේශපාලන වේදිකාව සරසන්න. එසේත් නැත්නම් සංචාරකයො ඉදිරියෙ ඊනියා නර්තනයක් දක්වල මුදල් හම්බ කරගන්න. කොතනක හරි දහ අට සන්නිය නැටුවට ඒක අපේ ජීවිතයට අවශ්‍යයි කියල හිතල එය නරඹන්න යන පිරිසක් අද සමාජයේ නැහැ. එහෙම යනව නම් ඒ යන්නෙත් ප‍්‍රශ්න පත්තරේට උත්තර ලියන්න පුළුවන්ද කියල බලන්න පමණයි. කොළඹ ආශ‍්‍රිතවත් දහඅට සන්නිය ර`ග දක්වනවා. නමුත් ඒ අවස්ථාවල වුනත් දකින්න ලැබෙන්නෙ විෂයයක් විදියට මෙය ඉගෙනගන්නා පිරිස පමණයි. නමුත් දෙමාපියන්, වැඩිහිටියන් හිතල තමන්ගෙ දූදරුවන් ඒ සඳහා යොමු කරන තත්ත්වයක් නෑ.
සංගීතය දෙස අවධානය යොමු කළත් තත්ත්වය ඔය වගේමයි. අපේ රටේ ශ‍්‍රාස්ත‍්‍රීය සංගීත කලාවක් තිබුණා. නමුත් ගිරාගම ගුරුවිද්‍යාලයෙ ඉන්න ගුරුවරුත් රාග දන්නෙ නෑ. ගුරු ශිෂ්‍යයින්ටත් රාගයක් ගායනා කරන්න කිව්වම ඒ අයටත් ඒක බෑ. අපි හිතමු ඉන්දියාවෙන් හොඳ සංගීතඥයෙක් ගෙනල්ල රාගයක් ගායනා කෙරෙව්ව කියල. මට හොඳට ම විශ්වාසයි ඒ ශිෂයයො පමණක් නොවෙයි ගුරුවරුත් හිනාවේවි. ගුවන්විදුලි නාලිකාවක රාගධාරී සංගීත කණ්ඩයක් වාදනය වුනොත් කියාවි ‘ආ අද කාගෙහරි මළගමක් ඇති‘ කියල. ඒකට හේතුව මොකක්ද? අපේ රටේ කාලයක් තිබුණ රාගධාරී සංගීතය වාදනය කළේ සමාජයේ පිළිගත් පුද්ගලයෙක් මරණයට පත්වුණාම පමණයි. දැන් ඒකත් විෂයට සීමා වෙලා. අමරදේව මාස්ටර්ල, වික්ටර් රත්නායක මහත්මයල ගොඩනගපු ප‍්‍රසංග කලාවට අද මොකද වෙලා තියෙන්නෙ? අද ඉන් එහාට ගිය සංගීත කලාවක් බිහිවෙලා තියනවද? අද තියෙන්නෙ රසවිඳිය නොහැකි සංගීත කලාවක්. මේ තත්ත්වය සුළුවෙන් හිතන්න බෑ. මෙය මුළු මහත් සමාජය ම කඩාවැටීම පෙන්නුම් කිරීමේ ලක්‍ෂණයක්. සාහිත්‍යය කලාව සහ සෞන්දර්යය ජිවිතයට සම්බන්ධ නො කරගන්නා සමාජය කර්කෂ වියළි සමාජයක්. එය භෞතිකවත් වියළියි. ආධ්‍යාත්මිකවත් ඉතාම වියළියි. වර්තමානයේ පවතින්නෙ දමනය නො වූ, නොහික්මුණ මිනිසුන් ජිවත්වන සමාජයක්. දිනපතා හෝ සතිපතා පුවත්පත් අරගෙන කියෙව්වම තේරෙනව මිනිස්සු මොනතරම් ම්ලේච්ඡත්වයට පත්වෙලාද කියල. මේක විශාල ඛේදවාචකයක්.
අපි බලමු නාට්‍යය හා රංගකලාව පැත්ත. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උගන්වනවාත කැලණිය විශ්වවිද්‍යාලයේ උගන්වනවාත ශ‍්‍රීපාලි මණ්ඩපයේ උගන්වනවාත පේරාදෙණියෙ උගන්වනවා. දෙමළ විශ්වවිද්‍යාල ගත්තත් ඒ වගේ. මඩකලපුව විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලනාදන් සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, යාපනය විශ්වවිද්‍යාලයේ නාට්‍යය හා රංගකලාව උගන්වනවා. මේ සියල්ලට ම අමතර ව විද්‍යාපීඨවලත් නාට්‍යය හා රංගකලාව උගන්වනවා. නාට්‍යය හා රංගකලාව පිළිබඳ ගුරුවරුත් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. පාසල්වල හය වසරේ සිට නාට්‍යය හා රංගකලාව උගන්වනවා. මේ සියල්ල අතරෙ නාට්‍යය හා රංගකලාව කොතනද ස්ථානගතවෙලා තිබෙන්නෙ? අවම වශයෙන් මසකට වරක් හෝ නාට්‍යයක් බලල එහි රස විඳින්න පුළුවන් පිරිසක් හැදිල නෑනෙ. නමුත් පිට රටවල්වල මෙවැනි තත්ත්වයක් නැහැ. ජපානයේ සාම්ප‍්‍රදායික නාට්‍යය කලාව වන ‘කබුකි’, ‘නෝ’ වගේ නාට්‍යය බලන්න වුනත් විශාල පිරිසක් ඉන්නවා. එන්ගලන්තයේ ගත්තත් එහෙමයි.National theatre එකේ කවදා කුමන අන්දමේ නාට්‍යයක් ප‍්‍රදර්ශනය කළත් අවම වශයෙන් නාට්‍යයේ පිරිවැය පියවාගන්නවත් පුළුවන්. දකුණු ඉන්දියාවෙ සහ උතුරු ඉන්දියාවෙ නාට්‍යය නරඹන්න එන පිරිසත් ඉතා විශාලයි. ඒ රටවල පවතින්නෙ සියලූ කලාවන් පවත්වාගෙන යන රටාවක්. ඒ ආකාරයෙන් කලාව පවත්වාගෙන යාමේ සමාජයක් අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමය විසින් ඇතිකරල නෑ.
ඊළඟට අපේ රටේ ජනතාවගේ ආර්ථිකයේ අතිරික්තයක් නැතිකමත් මේකට බලපානවා. අපි හිතමු රුපියල් 200 ක ප‍්‍රවේශ පත‍්‍රයක් ගත්ත කියල. එයාට පිටිපස්සෙ හෝ බැල්කනියෙ ඉඳල තමයි නාට්‍යය නරඹන්න වෙන්නෙ. ඉස්සරහ ඉඳල බලන්න නම් රුපියක් 1000 ක ප‍්‍රවේශ පත‍්‍රයක් ගන්න වෙනවා. එවැනි තත්ත්වයක් තුළ හතරදෙනෙක් ඉන්න පවුලකට මාස කීයකට වතාවක් නාට්‍යයක් බලන්න පුළුවන්ද? නාට්‍යයක් නැරඹීමේ අවශ්‍යතාව දැනෙන සහ ඒ සඳහා අවශ්‍ය පිරිවැයක් දරන්න පුළුවන් සමාජයක් අපිට නැහැ.
ඔබගේ ප‍්‍රකාශය හරහා ගම්‍ය වෙනවා කලාව විඳින පිරිසක් නැති බව. එවැනි වාතාවරණයක් පවතින්නේ ඇයි සහ ඒ සඳහා කළ යුත්තේ කුමක්ද?
මම මේ රට වටේම සංචාරය කරන පුද්ගලයෙක්. ලංකාවේ විවිධ පළාත්වල ‘ජනකරළිය’ කණ්ඩායම සමග යනවා. සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු පවත්වනවා. පාසලකට ගිහින් ඇහුවොත් නාට්‍යය බලල තියනවද කියල මොනවද ඒ අය බලල තියෙන්නෙ? මනමේ සහ සිංහබාහු පමණයි. මේ දෙක ම විෂයයට උගන්වන නාට්‍යය. නාට්‍යය හා රංගකලාව පිළිබඳ ප‍්‍රශ්නයක් ඇහුවොත් ගිරව් වගේ උත්තර දෙන ගුරු ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. මොකද ගුරුවරුත් නාට්‍යය නරඹන්නෙ නෑ. නාට්‍යය හා රංගකලාව අධ්‍යාපනය සඳහා අත්‍යවශය අංගයක් ලෙස ලෝකයේ පිළිගැනීමක් පවතිනවා.
එහි පර්මාර්ථය වෙන්නේ දරුවන්ගේ කුසලතා සහ නිපුණතා සංවර්ධනය කිරීම. ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීමේ විශ්වවිද්‍යාල වෙනම පිහිටුවා තිබෙනවා. එය හඳුන්වන්නෙ Theatre in eduation intstitute (T. I. E. I) නමින්. ඒ අය පාසල්වල උගන්වන්නෙ නාට්‍යය විෂයය නොවෙයි. නාට්‍යය කලාවේ අභ්‍යාසයන් හදාරමින් පසුබෑමට ලක් වූ දරුවන් අධ්‍යාපනයට යොමු කිරිම. දරුවන්ගේ කුසලතා වර්ධනය කරමින් කලාව සඳහා ඒ දරුවන් ඉදිරිපත්වීමට උනන්දුවක් ඇතිකිරීම. සංකල්පීය හැකියාවන් දියුණු කිරීම. එවැනි භාවිතයක් ඒ රටවල්වල තිබෙනවා. නමුත් අපේ රටේ කෙරෙන්නෙ විෂයය උගන්වන එක. හය වසරේ සිට ම කරන්නෙ විෂයයක් උගන්වන එක. දරුවන්ගේ චින්තනය වෙනස් කිරිමට සහ කුසලතා වර්ධනය වීමට අපේ අධ්‍යාපන ක‍්‍රමය සමත් නෑ. අපේ බලධාරින් පොට වරද්දාගෙන. ඊළගට නාට්‍යය නැරඹීම සඳහා දරුවන් පෙළඹවීමේ ක‍්‍රමවේදයක් නෑ. අපිට පාසල්වලට ගිහින් නාට්‍යයක් ප‍්‍රදර්ශනය කරල ඒ දරුවො එක්ක කතා කරන්න අවසර ගන්න එක ඒ පළාත් අධ්‍යාපන ලේකම්තුමාගෙන් කරගන්න පුළුවන්ත කලාප අධ්‍යක්‍ෂකගෙන් අවසර ගන්න පුළුවන්ත නමුත් පාසලේ මුල් ගුරුවරයාගෙන් (Principal) බැහැ. මොකද පාසල් පවත්වාගෙන යන සාම්ප‍්‍රදායික ක‍්‍රමයක් තිබෙනවා. ඒ ක‍්‍රමයට පටහැනි යමක් කරන්න සූදානම් නැහැ.
මම දෙවන ශ්‍රේණියේ ඉගෙනගනිද්දි අපට සිංහල ඉගැන්නුව ගුරුවරයා: විමලරත්න කුමාරගම මහත්මයාගෙ, පී. බී. අල්විස් පෙරේර මහත්මයගෙ, සහ මුනිදාස කුමාරතුංග මහත්මයගෙ කවි කියල ඒව විස්තර කරපු විදිය මට තවමත් මතකයි. අපි උසස් පෙළ කරද්දි ගුත්තිලය කට පාඩම්. උම්ග්ග ජාතකය කටපාඩම්. සැලළිහිණි සන්දේශයේ කවි කටපාඩම්. ගුරුවරයා සැලළිහිණි සන්දේශය රසවත්ව තේරුම් සහිතව ඉගැන්නුවම අපිට අනෙක් සන්දේශ කාව්‍යයත් කියවන්න හිතෙනවා. ඒ රසාස්වාදයට අපි වශී වෙනවා. අපිට උගන්වන්න එවන් පරිනත පිරිසක් හිටියා.
මම මේ කතාකරන්නෙ අතීතකාමයෙන් නොවෙයි. නාට්‍යය කලාවේ ස්වර්ණමය යුගය විදියට හැඳින්වුවෙත් මේ හැටේ දශකයේ. නමුත් 77 පසුව මේ සියල්ල කණපිට හැරුණා. ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද කියල කියපු නායකයො බලයට පත්වුණෙත් මේ කාලෙනෙ. විශ්වවිද්‍යාල මට්ටමෙන් පවා මේ විෂයය හැදෑරීමේ උනන්දුව ගිලිහෙනවා. වෙනත් වෙනත් විෂයයන් කෙරෙහි ශිෂ්‍ය පරපුර යොමු වෙනවා. වර්තමානයේ දක්‍ෂතම ශිෂ්‍ය පිරිස තෝරගන්නෙ විද්‍යාව සහ වාණිජ විෂයයන්. ඉතිරි පිරිස තමයි සෞන්දර්යය කලාව සඳහා යොමු වෙන්නෙ. ඒ අතරින් වුනත් කලාවට ලැදි පිරිස ඉන්නෙ අතළොස්සයි. දක්‍ෂයො එනව අඩුයි. මොකද දක්‍ෂ සිසුන් බිහිවෙන්න දක්‍ෂ ගුරුවරු පිරිසක් සිටිය යුතුයි. අද ඉන්න ගුරුවරුන්ට තමන්ගෙ ශිෂ්‍යයො එකතුකරගෙන නාට්‍යයක් කරන්න තරම්වත් දැණුමක් නෑ. එහෙම කිහිප දෙනෙක් හිටියත් ඒ අයට අදාළ පහසුකම් සපයන වැඩ පිළිවෙළක් නෑ. දක්‍ෂ ගුරුවරු හිටියත් ඒ අය කළමනාකරණයකින් යුක්තව පාසල්වලට යොමු කරන්නෙ නෑ. මේ මැතක ගුරුවරු හැටගණනක් බඳව ගත්තා. නාට්‍යය අනුමණ්ඩලයෙන් මොකද කළේ? බන්‍දුල ගුණවර්ධන ඇමතිතුමාට කියල නාට්‍යය කරපු අය හැමෝ ම කොළඹ අවට පාසල්වලට අනුයුක්ත කළා. මොකද වුණේ? ඒ අයගෙන් එක්කෙනෙක්වත් නාට්‍යය කළේ නැ. අවම වශයෙන් නාට්‍යයක රඟපෑවෙවත් නෑ.
සංස්කෘතික අමාත්‍යංශයක් කියල එකක් තියනවා. මේ අමාත්‍යංශයට කොපමණ වැඩ කොටසක් තිබෙනවද කරන්න. නමුත් මොකද වෙලා තියෙන්නෙ? ජාතික අයවැයෙන් වසරක් පාසා සංස්කෘතික අමාත්‍යංශයට වෙන් කරන්නෙ සියයට දශම පහකටත් වඩා අඩු මුදලක්. මේ සොච්චම අරගෙන මොනවද කරන්න පුළුවන්. ඉන්දියාවෙ සංස්කෘතික අමාත්‍යංශය කියන්නෙ ප‍්‍රධාන අමාත්‍යංශ හතරෙන් එකක්. ඒ රටේ පාලකයින් වටහාගෙන තියනව සංස්කෘතිය රටේ යහපැවැත්මට කෙතරම් වැදගත්කමක් දක්වනවද කියල. ඒ නිසා ඔවුන් කැපී පෙනෙන වැඩ කොටසක් කරන නාට්‍යය හැම නාට්‍යය කණ්ඩායමකට ම හැම මොහොතක ම ආධාර කරනවා.
නමුත් අපේ රටේ එවැනි වැඩ පිළිවෙළක් නෑ. වසරකට වරක් නාට්‍යය, සංගීත, ටෙලිනාට්‍යය සහ සාහිත්‍යය උත්සවයක් පැවැත්වුවා කියල ප‍්‍රශ්නය විසෙඳෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ කලාකරුවන් අතර මතබේද ඇතිවෙලා ඉන්න පිරිසත් දෙපිලකට තුන්පිලකට බෙදෙන එක විතරයි. අඩුම වශයෙන් සම්මාන ලැබුණ නිර්මාණය රට පුරා ප‍්‍රදර්ශනය කරන්න පුළුවන් වැඩ පිළිවෙළක් තිබෙනවද? නෑ. නාට්‍යයකරුවන්ගෙත් එවැනි සූදානමක් දකින්න නෑ. මේ කඩාවැටීමට කලාකරුවනුත් වගකිව යුතුයි. වෙනත් රටවල්වල කලාකරුවන්ගේ වෘත්තීය සංවිධාන තිබෙනවා. ඒ අය තමන්ට ගැටලූවක් තියනවනම් බලපැම් කණ්ඩායම් විදියට වීදි බහිනවා.
ඉන්දියාවෙ සමස්ථ කලා ක්ෂේත‍්‍රයේ ම: නාට්‍යය, සාහිත්‍යය, සිනමාව, සංගීතය, චිත‍්‍ර කලාව, ටෙලිනාට්‍යය ආදී සෑම ක්ෂේයකම පවතින සංවිධාන හරි ප‍්‍රබලයි. ඒ මිනිස්සු තමන්ගෙ වාසිය වෙනුවෙන් ආණ්ඩුවට කඬේ යන්නෙ නෑ. ඒ මිනිස්සු ආණ්ඩුවට පක්‍ෂපාති වෙන්නෙ ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් පමණයි. තමිල්නාඩුවෙ දෙමළ කලාකරුවො පාරට බැස්සෙ තමන්ගෙ ජාතියේ ජනතාවට ලංකාව තුළ යම් අසාධාරණයක් වෙනවා ය කියන අදහස මත. නමුත් අපේ අය එකතුවෙන්නෙ මොකටද? කඬේ යන්න. ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන අපේ කලාකරුවන්ගෙ කොන්දේසි මොනවද? ජනාධිපති අපේක්‍ෂකයා කලාකරවො එකතුකරල සාකච්ඡාවක් පවත්වනව කියමුකො. අපේ කලාකරුවො ඒ අපේක්‍ෂකයාට දාන කොන්දේසි මොනවද? ඔයා බලයට ආවම මෙන්න මේ වැඩ කොටස කරනවද? කලාවේ දැනට තියන අර්බුද මෙන්න මේව. මේව ඉටුකරනවනම් පමණයි අපි ඔයාට උදව් කරන්නෙ. එහෙම පූර්ව නිගමනයකට එන්න ඕන. නමුත් අපේ කලාකරුවන්ට එහෙම පිටකොන්දක් නෑ. අපේ කලාකාරයො මැතිවරණ සමයෙදි වේදිකාවෙ කතාකරන්න යනවා. ඒ අය එහෙම යන්න පෙර කියනවද අපිට මෙන්න මේ මේ අඩුපාඩු තියනවා. ඒව සම්පූර්ණ කරල දෙන්න කියල. එහෙම කියන්න තරම් මේ කලාකරුවන්ගෙ කොන්ද පණ නෑ.
අපි මේ උත්සාහය දැරුවා. අපේ උත්සාහය අනුව හත්අට සියයක් ඉදිරිපත් වුණා. නමුත් ඒ අතරින් තිහ හතළිහක් ඇරුනම අනෙක් අය ඔක්කොම බලාපොරොත්තු වුනේ තම තමන්ගෙ පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න පමණයි. ඒ බහුතරයක් දෙනා වීදි බහින්න කැමති වුණේ නෑ. අවසානයේ මැතිවරණය සමය වන විට ඒ බහුතරයක් දෙනා දේශපාලන වේදිකාවට නැග්ගෙ කොන්දේසි විරහිතව. මම තනි වුණා. 2003 වසරෙ නාට්‍යය උත්සවයක් කළා ජෝන් ද සිල්වා රඟහලේ. නාට්‍යය උත්සවය ඉවරවෙලා කොඩි ටික ගලවගන්න කෙනෙක් නෑ. මම කොඩි ටික ගලවනකම් ඈතට වෙලා බලාගෙන ඉන්නව. මමත් පසුව ඒ සියලූ කටයුතු අත්හැර දැම්මා. ඉන් අනතුරුවයි ජනකරළිය බිහි වෙන්නෙ. ජනකරළිය කණ්ඩායම සමඟ මම ගම්මට්ටමින් ප‍්‍රසංග පැවැත්වුවා. ඊට පස්සෙ මොකද වුණේ. ‘මේක N.G.O. එකක්‘ ආදි වශයෙන් නොයෙක් අන්දමේ මඩ ගහන්න පටන් ගත්තා. පුදුම වැඬේ කියන්නෙ රටේ කලාව පරිහානියට පත්වන විට නිහඬව ඉන්න මාධ්‍යය පවා මේ වෙලාවෙ ජනකරළිය හෑල්ලූවට පත්කළා. නමුත් අද වන විට පැහැදිලි වෙලා තියනවා වසර දහයක් නොකඩවා වැඩකරගෙන ගිය එකම කණ්ඩායම ජනකරළිය පමණයි කියල. ඒ නිසා දැන් ඒ පිළිබඳ කිසිදු විවේචනයක් හෝ ඇගයීමක් නෑ. මේ දැන් පාරට බැහැල සත්‍යග‍්‍රහණය කරන කලාකාරයො ඇයි හිතන්නෙ නැත්තෙ අපිට මීට වැඩිය වැඩ කරන්න තියන බව. කලාව වෙනුවෙන් මීට වැඩිය යමක් කළ යුතුයි කියල පාරට බහින්න බැරිද? මේ කරන්නෙ බඩගෝස්තරවාදය ව්‍යාප්ත කිරීමක්. අර විදියට ඇස් දෙක පියාගෙන හිටපු ප‍්‍රවිණ සහ නවීන රැළ දැක්කම ලජ්ජාවෙ බෑ.
මේ මොනව කතාකෙරුවත් ලංකාවෙ කලා මණ්ඩලයක් තියනවා. නාට්‍යය, සංගීතය, සාහිත්‍යය, චිත‍්‍රපට ආදි හැම අංශයකට ම අනුමණ්ඩලත් තිබෙනවා. මේ හරහා වැඩක් කෙරෙන්නෙ නැද්ද?
ඇත්තට ම මේව පිහිටුවල තිබුණට ඒවයෙ ගතයුත්තක් නෑ. කිසිම වැඩක් කරන්නත් බෑ. අපි මොනතරම් හොඳ, වටිනා යෝජනා ඉදිරිපත් කළත් ඔය කියන ඕනම අනුමණ්ඩලයක් වැඩට බැස්සම මොන කෙහෙල්මලක්වත් කරන්න බෑ. පළවෙනි කාරණය මුදල් නෑ. මොකද මොනතරම් හොඳ යෝජනා ඉදිරිපත් කළත් ඒවට අය-වැයෙන් මුදල් වෙන්කරන්නෙ නෑ. වෙන් වෙන මුදලින් වැඩි ප‍්‍රමාණයක් වියදම් කරන්නෙ ඇමතිගෙ වැඩවලට. ඊළගට නියෝජ්‍ය ඇමතිගෙ වැඩවලට. ඊට පස්සෙ මළගෙවල්වලට. මේ ටික ඔක්කොම වෙන්නෙ අමාත්‍යංශය ඇතුළෙ. මේ ප‍්‍රමාණය ඔක්කොම පෙරිල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට එන මුදල් ප‍්‍රමාණය වැටුප් ගෙවාගන්නත් මදි. ඊළගට අනුමණ්ඩල ටික ඔක්කොම තියෙන්නෙ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතෙ. අවම වශයෙන් එක අනුමණ්ඩලයකට වසරකට ලක්‍ෂ තුනක්වත් ලැබෙන්නෙ නෑ. මේ තත්ත්වය තවමත් එහෙමමයි.
නමුත් කලාකාරයො හිතන්නෙ මේ තනතුරුවල ඉන්න මිනිස්සුන්ට මහා ලොකු මුදලක් හම්බවෙනව කියල. ශත පහක් හෝ ලැබෙන්නෙ නෑ. එක රැස්වීම් වාරයකට ඒ කාලෙ ගෙව්වෙ රුපියල් 500 යි. ඒක පැට්‍රෝල් ටික ගහගන්නත් මදි. නමුත් ඉහළින් ඉන්න අය: ඇමති, ලේකම්, සංස්කෘතික අධ්‍යක්‍ෂ, කලා මණ්ඩලයේ සභාපති මේ අය හැම වෙලාවෙම ඇඟ බේරගන්නවා. හැම කුණු ගොඩක් ම බෙංගාල බොක්කට වගේ අන්තිමේ දි හැම නරක නාමයක් ම එන්නෙ අනුමණ්ඩල සාමාජික සාමාජකාවන්ට. අනුමණ්ඩල සාමාජිකයා/සාමාජිකාව කරල තියෙන්නෙ වත්ත බද්දට දීල ඇස්සට දත නියෙව්ව වගේ වැඩක්. මේ තත්ත්වය වෙනස් වෙන්නන නම්, යම් මුදල් සංචිතයක් වෙන් කරල කලාමණ්ඩලය ස්වාධීන මණ්ඩලයක් බවට පත්කරන්න ඕන.
මට මතකයි පනස් ගණන්වල සංස්ථාවක් බවට පත්කරල තිබුණ බව. කලා මණ්ඩලයේ සභාපතිගෙ ඉඳල සියලූ අනුමණුමණ්ඩල සාමාජික/සාමාජිකාවන් නිකන් ම නිකන් රූකඩ ටිකක් පමණයි. හැබැයි අද ඒ අයට කරන්න වැඩ තියනව. මොනවද? නෙළුම් පොකුණෙ මොනවහරි තියනවනම් ඒකට සහභාගි වෙන්න. අනුමණ්ඩලවල සභාපතිගෙ පවුලෙ සියල්ලන්ට ම ගිහින් ඒවායෙ රඟපාන්න පුළුවන්. නර්තන අනුමණ්ඩලයේ අයට නෙළුම් පොකුණෙ පුහුණුවීම් කරන්න පුළුවන්.
හොඳයි... මේ වන විට කලාව, කලාකරුවා සහ රසිකයා අතර පවතින සහසම්බන්ධය මොනවගේද?
එහි කිසිම ස්ථාවරත්වයක් නෑ. ගීත කලාව පැත්තෙන් ගත්තොත්: එඩිවඞ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් එකතුව පවත්වන ප‍්‍රසංගය නරඹන පිරිසක් ඉන්නවා. ඒක ඇත්ත. නමුත් එළිමහන් වේදිකාවෙ පැවැත්වෙන ප‍්‍රසංගවලට ඉන්න පිරිස වැඩියි. මේ දෙක ම අතරමැද පිරිසකුත් ඉන්නවා. මේ පිරිස අතර හොඳ නිර්මාණකරුවන් ඉන්නව වගේ ම හොඳ නිර්මාණත් තිබෙනවා. නමුත් මේ කිසිවක් මතු නොවන ප‍්‍රවනතාවක් තිබෙනවා. දැන් අර කලින් සඳන් කළ නිර්මාණකරවන්ගෙ වුනත් නව නිර්මාණ බිහි වෙනව අඩුයිනෙ. අන්න ඒකයි මම කිව්වෙ ස්ථාවර නෑ කියල.
අපි බලමු නාට්‍යය කලාව පිළිබඳ ව. මේ විෂයය පිළිබඳ ධනංජය කරණාරත්න හොඳ ලිපියක් ලියල තිබුණා. ඒක සම්පූර්ණයෙන් ම නාට්‍යය කලාවේ යථාරථය පිළිබිඹු කරල තිබුණා. නමුත් මට විශ්වාසයක් තිබෙනවා මෙය වර්ධනය කරන්න පුළුවන් බව. ඒ පිළිබඳ ව මට හොඳට අත් දකීම් තිබෙන්නෙ ජනකරළිය සමඟ රට වටේ යන නිසා. පළමු සහ දෙවන දවසෙ පැමිණෙන පේ‍්‍රක්‍ෂකයින්ගේ කටවචනය අනුව එන පේ‍්‍රක්‍ෂක පිරිස ඉතාමත් ඉහළයි. ඒ පිරිසට රසාස්වාදය අවශ්‍යයි. ඒ රසාස්වාදය විඳින්න එන්නෙ මෙගානාට්‍යය අත්හැර දාලා. වැඬේ තියෙන්නෙ ඒ මිනිස්සුන්ට දරන්න පුළුවන් ප‍්‍රමාණයක් තිබෙනවා. අපි ඒ ප‍්‍රමාණය තේරුම් ගත යුතුයි. අපි අය කළේ රුපියල් සියයක් වගේ සුළු මුදලක්. ඒ මිනිස්සු ඒ මුදල ගෙවල ඇවිල්ල අපසුවෙන් වුනත් නාට්‍යය නරඹන්නෙ සතුටින්. මේක ඒ මිනිස්සුන්ට අපූරු ආශ්වාදයක්. අපි එක වතාවක් ගාස්තුව රුපියල් 200 ක් කළා. 200 කළ ගමන් ම පිරිස අඩු වුණා. මේ ක‍්‍රමය මිනිසුන්ගේ අවශ්‍යතාවක් බවට පත්වෙන්න ඕන. මේක ආරම්භ කරන්න ඕන පාසල් මට්ටමින්. මම බන්‍දුල ගුණවර්ධන ඇමතිතුමාට යෝජනාවක් කළා ශිෂ්‍යත්ව විභාග ප‍්‍රශ්න පත‍්‍රයට නාට්‍යය කලාව පිළිබඳ ප‍්‍රශ්න පහක් ඇතුළත් කරන්න කියල. එහෙම වුණාම අනිවාර්යයෙන් ම ඒ දරුවො නාට්‍යය කලාව කෙරෙහි ආශක්ත වෙනවා. නමුත් තාම ඒ යෝජනාව තිබෙන්නෙත් ‘සලකා බලමු’ ෆයිල් එකේ.
අපි දැන් ජනකරළිය පිළිබඳ ටිකක් කතා කරමුද? මට හිතෙන්නෙ දැන් ජනකරළිය වැඩ පටන් අරන් වසර දහයක් වගේ කාලයක්.
ඔව්. 2003 පෙබරවාරි 16 වන දින මමයි එචි. ඒ . පෙරේරා කලාකරුවයි තමයි මෙහි වැඩ ආරම්භ කළේ. එහි ප‍්‍රගතිය ඉතාමත් ම සාර්ථකයි. කෙතරම් සාර්ථක ද කියනව නම් ගාල්ල ප‍්‍රදේශයේ දි මිනිස්සු අවිල්ල අපිට බැනවැදුනා ‘අද උඹල අපිට නාට්‍යය පෙන්වනවද නැද්ද’ කියල. මොකද නාට්‍යය සංදර්ශනයට අදාළ ප‍්‍රවේශපත් ඉවර වුනාට ප‍්‍රවේශපත් ගන්න බැරි වුන පිරිසක් එළියෙ හිටියා. ඔවුන්ගේ ඉල්ලීම තිබුණෙ අමතර දර්ශනයක් කරන්න කියලා. නමුත් අපේ කණ්ඩායම දර්ශන වාර හතරක් කරල හොඳට ම හෙම්බත්වෙලා හිටියෙ. ඒ නිසා තව දර්ශනයක් කිරීමේ අපහසුතාව දන්වලා නිවේදනයක් නිකුත් කරාම මිනිස්සු බනින්න පටන් ගත්තා. ඇත්තට ම අපි හදන්න ඕන එවැනි රසික පිරිසක් නොවෙයිද? නාට්‍යය පෙන්නන්නෙ නැද්ද කියල අහන පේ‍්‍රක්‍ෂකයො පිරිසක් හැදුව කියන්නෙ විශාල ජයග‍්‍රහණයක්නෙ. පාසල්වලත් විශාල උනන්දුවක් තිබෙනවා.
ඔව්. 2003 පෙබරවාරි 16 වන දින මමයි එචි. ඒ . පෙරේරා කලාකරුවයි තමයි මෙහි වැඩ ආරම්භ කළේ. එහි ප‍්‍රගතිය ඉතාමත් ම සාර්ථකයි. කෙතරම් සාර්ථක ද කියනව නම් ගාල්ල ප‍්‍රදේශයේ දි මිනිස්සු අවිල්ල අපිට බැනවැදුනා ‘අද උඹල අපිට නාට්‍යය පෙන්වනවද නැද්ද’ කියල. මොකද නාට්‍යය සංදර්ශනයට අදාළ ප‍්‍රවේශපත් ඉවර වුනාට ප‍්‍රවේශපත් ගන්න බැරි වුන පිරිසක් එළියෙ හිටියා. ඔවුන්ගේ ඉල්ලීම තිබුණෙ අමතර දර්ශනයක් කරන්න කියලා. නමුත් අපේ කණ්ඩායම දර්ශන වාර හතරක් කරල හොඳට ම හෙම්බත්වෙලා හිටියෙ. ඒ නිසා තව දර්ශනයක් කිරීමේ අපහසුතාව දන්වලා නිවේදනයක් නිකුත් කරාම මිනිස්සු බනින්න පටන් ගත්තා. ඇත්තට ම අපි හදන්න ඕන එවැනි රසික පිරිසක් නොවෙයිද? නාට්‍යය පෙන්නන්නෙ නැද්ද කියල අහන පේ‍්‍රක්‍ෂකයො පිරිසක් හැදුව කියන්නෙ විශාල ජයග‍්‍රහණයක්නෙ. පාසල්වලත් විශාල උනන්දුවක් තිබෙනවා.
ජනකරළිය මෙතරම්ම පේ‍්‍රක්‍ෂකයින් අමන්දානන්දයට පත්කරන්න, ආශක්ත කරන්න බලපෑ හේතු සාධක මොනවාද?
ප‍්‍රධාන ම සාධකය මම හිතන්නෙ අඩු මිලට නාට්‍යයක් නැරඹීමට ලැබීම. සමහර නාට්‍යය නොමිලේ ප‍්‍රදර්ශනය කළත් එන්නෙ නැහැනෙ. එහෙනම් ගුණාත්මක බවත් බලපානවා. අනෙක් කාරණය තමයි අපේ මිනිස්සු තවමත් කැමතියි ජන රාශියට. ඒ කියන්නෙ එකතු වෙන්න. විපරම් සහගත බව. අලූත් පරපුරට අලූත් අත් දැකීමක් වීම. රංගන ශිල්පියා සහ පේ‍්‍රක්‍ෂකයාගේ සමීප බව.
නළු නිළියන්ගේ ජනප‍්‍රිය බව බලපෑවෙ නැද්ද?
කවදාවත් එවැනි තත්ත්යක් දක්නට ලැබුනෙ නෑ. අපේ නළු නිලියන්ට සහ කණ්ඩායමට ආහාර-පාන පවා ලැබෙන අවස්ථා තිබෙනවා. ගෙවල්වල අපේ ආහාර වේල සකසනවා. තවත් සමහර තැනක අපේ ස්ථානයට ම අරගෙන එනවා. අවසාන දවසට මිනිස්සු ඇවිත් අපි වෙන්ව යන දුකට අඩනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නෙ.
දෙමළ ජනයා පදිංචි ප‍්‍රදේශවල ප‍්‍රදර්ශනය කරන්නෙ දෙමළ නාට්‍යයනෙ. මේ සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙන්නෙ දෙමළ නළු නිළියොද සිංහල අයමද?
මේ භාශා දෙකම කතාකරන අය කණ්ඩායමේ ඉන්නවා. දෙමළ භාශාව නොදැන සිටි සිංහළ අයට පවා භාවිතාව තුළ දෙමළ භාශාව කතාකිරීමේ හැකියාව ලැබිල තිබෙනවා. ජනකරළිය ආරම්භ කරන විට සමහර දෙමළ අයට සිංහල බෑ. සිංහල අයට දෙමළ බෑ. නමුත් අපේ රංග අභ්‍යාස තුළින් මේ කාණ්ඩ දෙකේම පිරිස ඒ අභියෝගය ජයගත්තා. සමහර සිංහල රංගන ශිල්පින් දෙමළ නාට්‍යයේ ප‍්‍රධාන චරිත පවා කළා. දැනටත් එහෙමයි. චරන්දාස් නාට්‍යයේ දෙමළ සහ සිංහල නාට්‍යය දෙකේම ප‍්‍රධාන චරිතය කරන්නෙ එකම රංගන ශිල්පියා.
චරන්දාස් නාට්‍යය මුද්‍රිත පිටපතක් ලෙස පාඨකයින් අතට පත්වුණා. එවැනි තවත් පිටපත් තිබෙනවාද?
නෑ. දැනට නැහැ. අපි බලාපොරොත්තු වෙනවා නාට්‍යය කිහිපයක් එක කෘතියක් විදියට එළිදක්වන්න. එහි නාට්‍යය 20 ක් පමණ අන්තර්ගත වෙනවා.
ජනකරළියට වසර දහයක් පිරිම නිමිත්තෙන් විශේෂ වැඩ පිළිවෙළක් සුදානම් කරල තිබෙනවාද?
ඇත්තට ම එහෙම වැඩපිළිවෙළක් සකස් කරන්න කාලයක් තිබුණෙ නැහැ. පසුගිය වසරෙ අපේ‍්‍රල්වල ඉඳල මේ වනතුරු දිගටම සංදර්ශන පවත්වමින් ඉන්නෙ. ගාල්ලෙන් ආරම්භ කළා. අනතුරුව: පුත්තලම, අම්පාර, බදුල්ල ආදි ප‍්‍රදේශවල දර්ශන පැවැත්වූවා.
නාට්‍යය කණ්ඩායමට ගෙවීමක් කරල දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවාද?
නාට්‍යය කණ්ඩායමට ගෙවීමක් කරල දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවාද?
සංදර්ශන ආදායමෙන් ඒ සියල්ල කරන්න බෑ. මේක ආරම්භ කළේ නෙදර්ලන්ත සංස්කෘතික අරමුදලෙන්. පසුව G. I. Z. එකේ ආධාරයෙන් පාසල් දර්ශන පැවැත්වීම ආරම්භ කළා. තියටර් එකට දායකත්වය සැපයුයේ U.N එක. ආලෝක උපකරණ පවා ද්‍රව්‍යමය ආධාර විදියට ලැබුණ දේවල්. ඒ තත්ත්වය නොවෙන්න මේක මේ විදියට දිගට ම පවත්වාගෙන යන්න ලැබෙන්නෙ නෑ. අපි මෙය නිසියාකාරයෙන් ම පවත්වාගෙන ආපු නිසා ඒ අය 2010 වනතුරු ආධාර කළා. 2010 පසුව ආධාර ලැබුණෙ නෑ. අපි මේ වන විට පවත්වාගෙන යන්නේ විවිධ ආයතනවල අනුග‍්‍රාහකයින්ගේ උදව් උපකාරයෙන්. ඉන්දියාව, ඇමරිකාව, එන්ගලන්තය ආදි රටවල කලාවට විවිධාකාරයේ ආධාර අනුග‍්‍රහය ලබා දෙනවා. ලංකාවේ තවම එවැන් තත්ත්වයක් නැහැ. ඒ නිසා අපිට සිද්ධවෙලා තිබෙනවා ආධාර දෙන කෙනෙකුගේ උදව් ලබාගෙන මේ කලාව පවත්වාගෙන යන්න.
ජනකරළියේ ප‍්‍රවර්ධනය පිළිබඳව තව දුරටත් සඳහන් කළොත්...?
ඔව්. ඇත්තට ම ඉතාමත් සතුටින් කියන්න ඕන අපි ඉතිරිකරගත් මුදල්වලින් අපිට මේ මධ්‍යස්ථානය පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයේ ඉඩමක් සහ ගෙයක් හෝමාගම ප‍්‍රදේශයෙන් මිල දි ගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඊට අමතර ව පරිත්‍යාගයක් විදියට අනුරාධපුර ශ‍්‍රාවස්තිපුරයෙන් නිවාස දෙකක් සමඟ ඉඩමක් ලැබී තිබෙනවා. එය ලැබුණේ අනුරාධපුර පවත්වපු නාට්‍යය දර්ශන දිනපතා ම නරඹන්න පැමිණි පේ‍්‍රක්‍ෂකයකුගෙන්. ඉන් එක් නිවාසයක් අලූත්වැඩියා කරල එම ස්ථානයේ කුඩා රංග ශාලාවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. හෝමාගම මධ්‍යස්ථානයේ ළමා හා යොවුන් රංග පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
සංවාදය - ජයසිරි අලවත්ත
දුමින්ද සිල්වාගේ පවුලේ අයගෙන් ප්‍රකාශයක්
වසරක් සිංගප්පූරු මවුන්ත් එලිසබෙත් රෝහලේ ද, මාස එකහමාරක් නවලෝක රෝහලේද ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙදර ගියේ පසුගිය අප්‍රේල් 27 වැනිදාය.
ඔහු එසේ රෝහල්ගතව සිටියේ වසර 2011 ඔක්තෝබර 08 වැනිදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිරිසක් හා කොලොන්නාවේදී සිදුවූ ගැටුමකදී වෙඩි වැදීම නිසාය.
එම ගැටුමේදී ජනාධිපති උපදේශකයෙකුව සිටි භාරත ඇතුළු සිවුදෙනෙකු මිය ගියේය.
එම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වීම නිසා දුමින්ද බොරු රග පෑමක් කරන බවට ද මතයක් පැවැතිනි.
එම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වීම නිසා දුමින්ද බොරු රග පෑමක් කරන බවට ද මතයක් පැවැතිනි.
කෙසේවවුද සිංගප්පූරුවේ ප්‍රරතිකාර ලැබූ දුමින්ද ලංකාවට පැමිණියේ පසුගිය මාර්තු 05 වැනිදාය.
ඔහු එලෙස ලංකාවට පැමිණියේ රෝද පුටවක ආධාරයෙනි.
අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් එම රෝහලේ ප්‍රතිකාර ලැබීය.
සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.
ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් දුමින්දට මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.
ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබුවේ සිද්ධිය වූ විගසමය.
සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.
පසුව දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
මිනීමැරීමල කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.
දුමින්දගේ ඉතිහාස කාතාව එසේය.
ඒ අතරම ඔහු රෝහල්ගත කර සිටි පසුගිය වසර එකහමාරක කාලය සම්බන්ධයෙන් ඡායාරෑප පළ නොවීම ගැනද කසු කුසු තිබිනි.
පවුලේ අය විසින් ඉදිරිපත්කල චායාරූප
mirror
Wednesday, May 1, 2013
සියවසක ඉන්දියානු සිනමා සහටන්
1913
මුල්ම ඉන්දියානු චිත්‍රපටය මැයි තුන් වැනි දින තිර ගත වෙයි.ඒ එදින බොම්බායේ කොරනේෂන් සිනමාහලේ තිර ගත වූ රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටයයි.අධ්‍යක්ෂණය කළේ ඩී.ජේ.පාල්කේය.එයට පෙර එනම් අප්‍රේල් 21 වැනි දින චිත්‍රපටයේ විශේෂ ආරාධිත දැක්මක් පැවැත්වින.මුල්ම ඉන්දියානු සිනමා නිළිය කමලාබායි ගොක්ලේ පාල්කේ ගේ දෙවැනි චිත්‍රපටය වූ මොහිනී බසුම්සූර් චිත්‍රපටයෙන් සිනමාවට එක් වෙයි.
1914
පාල්කේ නිර්මාණය කළ රාජා හරිශ්චන්ද්‍ර,මෝහිනි බසුමසුර් සහ සත්‍යවන් සාවිත්‍රි යන චිත්‍රපට ත්‍රිත්වයම ලන්ඩනයේ තිර ගත වෙයි.
පළමු දකුණු ඉන්දියානු චිත්‍රපටය ආර්.නටරාජා මුඩ්ලියර්ගේ කීචක වාදම් චිත්‍රපටය තිර ගතවෙයි.ඇමරිකානු හොලිවුඩ් චිත්‍රපට සමාගමක් වන යුනිවර්සල් සමාගමේ ශාඛාවක් කල්කටාවේ පිහිටුවනු ලබයි.ඉන්දියාවේ පිහිටවන ලද මුල්ම හොලිවුඩ් සමාගම් ශාඛා කාර්යාලය එයයි.පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමත් සමග ආනයන නීති දැඩි කළ බැවින් දළ සේයා පට ඇතුළු සිනමා උපකරණ ආනයන සීමා වීම චිත්‍රපට කර්මාන්තයට ඍජු බලපෑමක් එල්ල කරයි.
1917
බාබුරාඕ පේන්ටර් කොලහපූර් නගරයේ දී මහාරාෂ්ට්‍ර ෆිල්ම් කම්පැනි ආරම්භ කරයි.කල්කටාවේ දී ජේ.එෆ්.මදාන් සත්‍යවාදි හරිශ්චන්ද්‍ර චිත්‍රපටය නිර්මාණය කරයි.පාල්කේ සිනමා කරණය පිළිබඳ මුල්ම ඉන්දියානු අධ්‍යාපනික ග්‍රන්ථය හව් ෆිල්ම්ස් ආ ප්‍රිපේඩ් කෘතිය එළි දක්වයි.පාල්කේ ගේ ලංකා දහන් තිර ගත වද්දි එය නැරඹිමට පැමිනි ජනතාවගෙන් බොම්බායේ මාර්ග පිරී යයි.
1918
ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එංගලන්ත සිනමා පනත අනුව නිර්මාණය කරන ලද ඉන්දියානු සිනමා පනත ක්‍රියාත්මක කරවයි.චිත්‍රපට වාරණය සහ නිෂ්පාදනය සහ බෙදාහැරීමේ දී බලපත්‍ර ලබා දීම එමගින් සිදු කරයි.කොහිනූර් සමාගම සහ පාල්කේ ගේ හින්දුස්ථාන් ෆිල්ම් සමාගම් ආරම්භ වෙයි.පතන්කාර් සමාගම විසින් ඉන්දියාවේ මුල්ම සීරියල් චිත්‍රපටය වන වනවාස් නිර්මාණය කරයි.
1919
බෙංගාලි උප සිරැසි යොදා තැනුණ මුල්ම චිත්‍රපටය බිල්වාමංගල් තිර ගත වෙයි.එහි අධ්‍යක්ෂණය රස්ටොම්ජි දොතිවාලා ගෙනි. නිෂ්පාදනය ?මදාන් ගෙනි.
1920
මුල්ම ඉන්දියානු සිනමා සඟරාව බිජෝලි බෙංගාලි බසින් එළි දකියි.බොම්බායේ මුල්ම රැඟුම් පාලක මණ්ඩලය බිහි වෙයි.ඇමෙරිකාවේ සිනමාව හැදෑරු මුල්ම ඉන්දියානුවා ලෙස සැලකෙන සුචෙත් සිං සිය මුල්ම චිත්‍රපටය සාකුන්තලය එළි දක්වයි. එහි ප්‍රධාන චරිතය රඟපානුයේ හොලිවුඩ් නිළි ඩොරති කිංග්ඩම්ය.මුල්ම ඉන්දීය කතානාද චිත්‍රපටය තැනූ අර්දේශර් එම්.අයිරානි චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙයි.ඒ නල දමයන්ති චිත්‍රපටය නිර්මාණය කරමිනි.ඉතාලිය සමග එක්ව තැනූ එය මුල්ම ඉන්දියානු ජාත්‍යන්තර හවුල් නිෂ්පාදනයයි.
1921
ඉන්දියානු සිනමා වාරණය දැඩිව ක්‍රියාත්මක කරමින් කොහිනූර් සමාගමේ භක්ත විධූර් ලාහෝරයේ තහනම් වෙයි.
බටහිර විරෝධි ආකල්ප වලින් යුත් බිලට් ෆෙරට් තිර ගතවෙයි. මේ චිත්‍රපට සියල්ල ඍජුව ඉන්දියානු නිදහස් සටනේ මතවාද ජනතාවට ගෙන එයි.
ආර්.එස්.ප්‍රකාශ් මදුරාසියේ ස්ටාර් ඔෆ් ද ඊස්ට් ෆිල්ම් ආයතනය පිහිටුවාලමින් දකුණු ඉන්දියාවේ සිනමා ව්‍යාපාරය ස්ථාපිත කරවයි.
1922
කල්කටාවේ දී විනෝද බදු පැනවෙයි.රෙවශන්කර් පංචෝලි කරච්චි සහ ලාහෝරයේ එම්පයර් ෆිල්ම් සමාගම ආරම්භ කරයි.
1923
බොම්බායේ විනෝද බද්ද සියයට දොළහමාරක් දක්වා ඉහළ දමයි.මදාන් තියටර්ස් සමාගම ඉතාලිය සමග හවුල් නිෂ්පාදන අරඹයි.මුල්ම චිත්‍රපටය ජියෝරිජියෝ මන්නිනි අධ්‍යක්ෂණය කළ සාවිත්‍රිය.මුල්ම ඓතිහාසික කතා තේමාව ඇතුළත් චිත්‍රපටය සිංහගාද් අධ්‍යක්ෂණය බාබුරාඕ පේන්ටර් ගෙනි.
1924
මෝගල් කුමරියක වටා ගෙතුන රසියා බේගම් චිත්‍රපටය නිසා හින්දු මුස්ලිම් ජනයා අතර මහත් කැලඹීමක් ඇතිවෙයි. එය ලාහෝරයේ සහමුලින්ම තහනම් කෙරෙයි. චිත්‍රපටය ප්‍රදර්ශනය කළ වරදට දිරෙන් ගංගුලි වහාම සිය ප්‍රාන්තයෙන් පිටුවහල් කිරිමට හයිද්‍රාබාද් නිසාම් වරයා අණ කරයි.මුල්ම ඉන්දියානු සිනමා මාසිකය වන මවුජ් මජාහ් එළි දකියි.එය බොම්බායේ ප්‍රකාශයට පත් වුව ද ගුජරාටි බසින් යුත් සඟරාවකි.නිහඬ සිනමා යුගයේ අති සාර්ථක චිත්‍රපටයක් වන ගුල් ඊ බකවාලි තිර ගත වෙයි.සත්‍ය කතාවක් පාදක කර ගත් මුල්ම ඉන්දියානු චිත්‍රපටය කාලා නාග් තිර ගත වෙයි.මේ චිත්‍රපට යුගලම කොහිනූර් සමාගමේ නිෂ්පාදනයන්ය.
අධ්‍යක්ෂණය කරන ලද්දේ කන්ජිබායි රතෝද් විසිනි.
සමකාලින සමාජය කේන්ද්‍ර කොට ගත් මුල්ම ඉන්දියානු චිත්‍රපටය බාබුරාඕ පේන්ටර් ගේ සව්කරි පාශ් තිර ගත වෙයි.ඉන්දියාව හා ජර්මනිය ඒකාබද්ධ ව තැනුණ ලයිට් ඔෆ් ඒෂියා හෙවත් ප්‍රෙම් සන්‍යාස් තිර ගත වෙයි.එහි අධ්‍යක්ෂණය ජර්මානු ජාතික ෆ්‍රාන්ස් ඔස්ටන්ගෙනි.නිෂ්පාදනය හිමන්සු රායි ගෙනි.බුද්ධ චරිතය පදනම් කර ගත මෙම චිත්‍රපටයේ සිද්ධාර්ථ චරිතය නිරූපණය කරන ලදදේ හිමන්සු රායි වන අතර යසෝධරා චරිතයට එක් වූයේ සීතා දේවි නම් ඇංග්ලෝ ඉන්දියානු ජාතික නිළියයි.මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී සහමුලින්ම තහනම් කෙරෙයි.
ඉන්දියාවේ මුල්ම සිනමා අධ්‍යක්ෂවරිය බිහි වෙයි.ඇය ෆැට්මා බේගම් ය.ඇය ගේ මුල්ම චිත්‍රපටය බුල් බුල් ඊ පරස්තාන් නම් විය.සටන් පිරි රැගත් කතා සහිත චිත්‍රපට මාලාවක් ශර්ධා ෆිල්ම් වෙතින් අරඹයි.
දකුණු ඉන්දියානු සිනමාවට පසුකාලිනව මහත් බලපෑම් කළ ටී.කේ.එස්.බ්‍රදර්ස් නමින් පසුකලක ප්‍රචලිත වූ නිදහස් චිත්‍රපට කණ්ඩායමක් මදුරෙයි නගරයේ දී බිහිවෙයි.එය නම් කරනුයේ මදුරෙයි බාල ශන්මුගනන්නද සභා යනුවෙනි.ඔවුන්ගේ මූලික අරමුණ නිදහස් ඉන්දියාව පිළිබඳ මතවාදය ව්‍යාප්ත කිරිමයි.
1926
පන්ජාබ සිනමාව ලාහෝරයේ ඇරඹෙයි.ඒ සඳහා පන්ජාබ් ෆිල්ම් කෝපරේෂන් ආයතනය පිහිටුවා ගැනෙයි.බාල්ජිපෙන්දර්කාර්ගේ වන්දේ මාතරම් ආශ්‍රම් සහමුලින්ම තහනම් වෙයි.මුල්ම කතානාද චිත්‍රපටය නිපද වීමේ අරමුණින් අර්දේශර් එස්.අයිරානි ඉම්පීරියල් ෆිල්ම්ස් ආරම්භ කරයි.
1927
කල්කටාවේ දී ඉන්ඩියන් කිනෙමා ආර්ට්ස් ආයතනය බිහි වෙයි.මදුරාසියේ දි මූවි මිරර් සහ බොම්බායේ කිනෙමා යන සිනමා සඟරා එළි දකී.ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට රජය මගින් කමිටුවක් පත් කරයි.
1928
ඉන්දියානු සිනමා කර්මාන්තය පිළිබද මුල්ම වාර්තාව එළි දකී.මේ කමිටු වාර්තාව මගින් එළි දැක්වූ කරුණු නොපිළිගැනිමට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයෝ තීරණය කරති.පසුකලක හින්දි සිනමාවේ ප්‍රබලයකු වූ ඒ.ආර්.කාදර් ලාහෝරයේ යුනයිටඩ් ප්ලෙයර්ස් චිත්‍රපට සමාගම අරඹයි.ආර්.පද්මනාභන් මදුරාසියේ ඇෂෝසියේටඩ් ෆිල්ම් ස්ටුඩියෝ අරඹයි.කේරළයේ මුල්ම චිත්‍රපටය ජේ.සී.ඩැනියල්ගේ විගතකුමාරන් එළි දකියි.නිතින් චන්ද්‍ර මිත්‍ර අතින් මුල් වරට දේව්දාස් සිනමාවට නැගෙයි. ඒ නිහඩ චිත්‍රපටයක් හැටියටය.
1929
1931
මුල්ම ඉන්දිය කතානාද චිත්‍රපටය අලම් අරා තිරගත වෙයි. හින්දි සහ උර්දු බසින් තැනුණ මෙහි අධ්‍යක්ෂණය අර්දේශර් එම්.අයිරානිගෙනි.එහි ප්‍රධාන චරිත රඟපෑවේ මාස්ටර් විතාල් සහ සුබෙයිදාය. ගීත අටක් ඇතුළත් මෙහි ගායකයාවූයේ වසීර් මොහමඩ් කාන්ය.ගායිකාව සුබෙයිදාය.ඒ සමග මදුරාසියේ දී මුල්ම දෙමළ කතානාද චිත්‍රපටය කලිදාස් නමින් ද භක්ත ප්‍රහ්ලාදා තෙළිගු බසින්ද ජමායි සාස්ති බෙංගාලි බසින්ද එළි දකින මුල්ම කතානාද චිත්‍රපටයන්ය.බෙංගාලි සිනමාවට වඩා මෙහෙය කළ බි.එන්.ශ්‍රීකාර්ගේ නිව් තියටර්ස් අරඹයි. නිතින් බෝශ්,බිමල් රෝයි වැනි සිනමාකරුවන් රැසක් දොරට වඩිනුයේ එමගිනි.
1932
මහා කවි රබින්ද්‍රනාත් තාගෝර් නිව් තියටර්ස් වෙනුවෙන් නතීර් පූජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි.ගුජරාටයේ මුල්ම චිත්‍රපටය නානුබායි වකිල් ගේ නරසිං මෙහෙතා තිර ගත වෙයි.ඉන්දියානු සිනමාවේ අභිවෘද්ධිය වෙනුයෙන් ඉන්දියානු චලන චිත්‍ර සමාජය පිහිටුවයි.
1933
කොලහපූර් හි පිහිටුවන ලද ප්‍රභාත් චිත්‍රාගාරය පූනා වෙත පැමිණෙයි.ඔවුන් තැනූ සෛයිරාන්ද්‍රි ඉන්දියාවේ මුල්ම වර්ණ චිත්‍රපටය වන අතර එහි පිටපත් තැනෙණුයේ ජර්මනියේදීය.හිමන්සු රායිගේ කර්ම චිත්‍රපටයයේ මංගල දර්ශනය ලංඩනයේ දී පැවැත්වෙයි.
1934
නිහඬ චිත්‍රපට නිෂ්පාදනය සම්පූර්ණයෙන් නිමා වෙයි.ඒ වන විට ඉන්දියාවේ නිෂ්පාදිත සම්පූර්ණ නිහඬ චිත්‍රපට සංඛයාව 1288 කි.ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැදගත් සිනමා සමාගමක් වන බොම්බේ ටෝකිස් ආරම්භ වෙයි.ඔරිස්සා බසින් තැනුණු මුල්ම චිත්‍රපටය සීතා බිබාහ තිර ගත වෙයි.කන්නඩ භාෂිත මුල්ම චිත්‍රපටය භක්ත දරුවා තිර ගත වෙයි.
මුල්ම පන්ජාබි භාෂිත චිත්‍රපටය වන ශීලා සහ ඇසම් භාෂිත මුල්ම චිත්‍රපටය ජෝයිමාති තිර ගත වෙයි.මුල් වරට ඉතා නිවැරදිව හඩ සහ තොල් චලනය මුසු වන පසුබිම් ගායනා ඇතුළත් චිත්‍රපටය නිතින් බෝශ් ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව තිර ගත වෙයි.ඒ දූප් චාඕන්ය.මුල් වරට මදුරාසියේ දී තැනූ තෙළිඟු චිත්‍රපටය වේල් පික්චර්ස් සමාගම වෙනුවෙන් නරසිම්හ රාඕ නිර්මාණය කරන ලද සීතා කල්යානම් තිර ගත වෙයි.නිර්භීත නාදියා නම් සටන් නිළිය හදුන්වා දෙමිනි ජේ.බී.වාඩියා දේශ් දීපක් නිර්මාණය කරයි.වාර්ෂික ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදනය 228 ක් දක්වා වර්ධනය වෙයි.මුල්ම කතානාද දේව්දාස් චිත්‍රපටය පී.සී බරුවා ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව එළි දක්වයි. දේව්දාස් ලෙස රඟපානුයේ කේ.එල්.සයිගාල් ය.
1936
මුල්ම වැනිස් සිනමා උළෙලේ වී.ශාන්තාරාම්ගේ අමර් ජෝති තිර ගත වෙයි.බෙංගාලි චිත්‍රපට පදනම කල්කටාවේ දී බිහි වෙයි.ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජර්මානු ජාතික ෆ්‍රාන්ස් ඔස්ටන් හිට්ලර්ගේ නාසි පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනියි.සොරාබි මෝඩි රස්ටම් මෝඩි දෙසොහොයුරන් මිනර්වා මුවිටෝන් අරඹයි. චිත්‍රපට නිළි ජද්දන් බායි සිය කුඩා දියනිය නාර්ගිස් සිනමාවට හඳුන්වා දෙනු වස් සංගීත් ෆිල්ම්ස් ආරම්භ කරයි.මොහාන් සුනද්ර් දේබ් ගොස්වාමි මුල්ම ඔරිස්සා චිත්‍රපටය සිතා බිබාහ නමින් තිරයට ගෙන එයි.දෙමළ සිනමාවට නව මුහුණු වරක් දෙමින් චිත්‍රපට රැසක් නිර්මාණය කළ අමෙරිකානු ජාතික සිනමාකරු එලියාස් ආර්.ඩන්කන් සිය මුල්ම දෙමළ චිත්‍රපටය වූ ඉරු සහෝදරගල් අධ්‍යක්ෂණය කරයි.ඔහු දකුණු ඉන්දියාවේදෙමළ චිත්‍රපට නිර්මාණය කළ එකම විදේශිකයාය.
1937
මුල්ම ගීත රහිත ඉන්දියානු චිත්‍රපටය ජේ.බී.එච්.වාඩියාගේ වාඩියා මුවිටෝන් වෙනුවෙන් තැනූ නව්ජ්වාන් තිර ගත වෙයි.ඉන්දියාවේ දී වර්ණ ගැනුණ මුල්ම චිත්‍රපටය ඉම්පීරියල් ටෝකිස් සමාගම මගින් නිර්මාණය කරයි.ඒ මෝති ගිඩ්වානි අධ්‍යක්ෂණය කළ කිෂන් කන්‍යා ය.දකුණු ඉන්දියානු සිනමාවේ මෝගල් වරයා ලෙස වැජඹුණ ටී.ආර්.සුන්දරම් සේලම් නගරයේ දී මොඩන් පික්චර්ස් ආයතනය ආරම්භ කරයි.ඉන්දියානු සිනාමාවේ මුල්ම වෘත්තිය සංවිධානය වන ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංවිධානය බොම්බායේ දී ඇරඹෙයි.දාම්ලේ සහ ෆත්තේලාල් පූනාවේ ප්‍රභාත් පික්චර්ස් වෙනුවෙන් නිර්මාණය කරන ලද සන්ත් තුකරාම් වැනිස් සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානය දිනා ගනී.ඉන්දියානු සිනමාවේ පියානන් වූ පාල්කේ ගේ අවසන් චිත්‍රපටය මෙන්ම මුල්ම කතානාද චිත්‍රපටය ගංගාවතරන් තිර ගත වෙයි.
1938
වැනිස් සිනමා උළෙලේ තිර ගත කරන ලද සිව් වන ඉන්දියානු සිනමා කෘතිය වන ප්‍රභාත් පික්චර්ස් වෙනුවෙන් වී.ශාන්තාරාම් නිර්මාණය කරන ලද දුනියා නා මානේ යුරෝපියානු චිත්‍රපට ප්‍රදර්ශකයන් විසින් මිලයට ගනිති.
බහු ජාතික සමාගමක් වූ ලිවර් සහෝදරයන් වෙනුවෙන් මුල් වරට ඉන්දියානු සිනමා සමාගමක් දැන්වීමක් නිර්මාණය කරති. ඒ බොම්බේ ටෝකිස් සමාගම මගින් ලින්ටාස් වෙළඳ දැන්වීම් වෙනුවෙන් නිර්මාණය කරන ලද දාල්දා පිසින තෙල් පිළිබඳ දැන්විමයි.එයට පෙර ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටයේ තිර නාටක රචකයා වන නිරන්ජන් පාල් ද දැන්වීම් නිර්මාණය කරන ලද නමුත් ඒ සියල්ල ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ එංගලන්තයේ සිටය. ඉන්දියානු චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංවිධානය (IMPDA) සහ දකුණු ඉන්දියානු චලන චිත්‍ර වාණිජ මණ්ඩලය(THE SOUTH INDIAN FILM CHAMBER OF COMMERCE) යන ආයතන පිහිටුවා ගැනෙති.පාල්කේ ගේ රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටය තිර ගත කළ දිනය ඉන්දියානු සිනමාවේ නිල උත්පත්ති දිනය ලෙස සලකා සිනමාවේ විසි පස් වසර සැමරීමට ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකවරු සූදානම් වෙති. මෙහි ලා මුල් තැන ගන්නේ වී.ශාන්තාරාම්ය.පළමු මලයාලම් කතානාද චිත්‍රපටය බාලන් නමින් තිර ගත වෙයි. එය මොඩර්න් පික්චර්ස් ආයතනය වෙනුවෙන් නිෂ්පාදනය කරනුයේ ටී.ආර්.සුන්දරම්ය.අධ්‍යක්ණය එස්.නොට්ටානි ගෙනි.චිත්‍රපට උපදේශක මණ්ඩලයේ මෙහෙයවීමෙන් වාඩියා මුවිටෝන් ආයතනය ද ඉන්ඩියන් ස්ක්‍රීන් ගැසට් නම් ප්‍රවෘත්ති චිත්‍රපට මාලාව එළි දක්වයි.
1939
මදුරාසියේ දී බී.එන්.රෙඩ්ඩි විසින් වාහිනි පික්චර්ස් ආයතනය ද එස්.එස්. වාසන් විසින් ජෙමිනි පික්චර්ස් ආයතනය ද අරඹති.
1940
චිත්‍රපට දළ සේයා ආනයනය සීමා කිරිමට චිත්‍රපට උපදේශක මණ්ඩලය තීරණය කරයි.ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට යම්තම් හෝ හවුල්වන වචන හෝ රූප ඇතුළත් සියලු චිත්‍රපට තහනම් කිරිමට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයෝ තීරණය කරයි.පී.කේ.ආත්‍රේ සහ මාස්ටර් විනයක් ගේ නවයුග් චිත්‍රපට මුල්වරට මහජන කොටස් නිකුතුවක් නිකුත් කරයි. මෙහෙබුබ් ඛාන් ගේ අවුරත් තිර ගත වෙයි.පසුකලක ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැලකෙන මදර් ඉන්ඩියා ලෙස ප්‍රති නිර්මාණය කරනුයේ අවුරත් චිත්‍රපටයයි.හිමන්සු රායිගේ හදිසි මරණය සමග බොම්බේ ටෝකිස් සියලු පාලනය ඔහුගේ බිරිය නිළි දේවිකා රාණි විසින් පවරා ගනු ලබයි.
1941
මෝති ගිඩ්වානි අධ්‍යක්ෂණය කළ කලන්චි චිත්‍රපටය සමස්ත ඉන්දියාව පුරාම අති සාර්ථක වෙයි.ලාහෝරයේ තැනුණ චිත්‍රපට අතරින් එලෙස සාර්ථක වූ මුල්ම චිත්‍රපටය එය විය.පුශ්ටු භාෂිත මුල්ම චිත්‍රපටය ලයිලා මජ්නු එළි දකී.දිල්ලියේ චලන චිත්‍ර ආයතනය බිහි වෙයි.
1942
පසු කලක අතිශය විශිෂ්ට චිත්‍රපටයක් වූ ශාන්තාරාම්ගේ ඩොක්ටර් කොට්නිස් කී අමර් කහානි චිත්‍රපටයට පාදක වූ දොස්තර ද්වාරකනාත් කොට්නිස්ගේ චීනය බලා ගිය චාරිකාව සිදුවූයේ මේ වසෙර්ය.බොම්බාය සිනමා සමාජය පිහිටුවා ගැනෙති.දළ සේයා පට හිඟය සමග වෘත්තිය නිෂ්පාදකයන්ට පමණක් එක් චිත්‍රපටයකට දිග අඩි 11000කට සීමා වූ දළ සේයා පට ප්‍රමාණයක් ලබා දීමට රජය සැලසුම් කරයි.ප්‍රචාරක කටයුතු සඳහා අමතරව ලැබෙනුයේ අඩි 400 කි.දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍ය සේනාවන්ට සහාය පළ කෙරන තේමාවන් සහිත චිත්‍රපට සඳහා සේයා පට සැපයීමේ ප්‍රමුඛතාවය හිමි වෙයි.බොම්බේ ටෝකිස් සමාගමෙන් වෙන්ව යන එස්.මුඛර්ජි සහ අශොක් කුමාර් දෙමස්සිනාවරුන් ෆිල්ම්ස්තාන් සිනමා සමාගම පිහිටුවයි. එය ඉන්දියාන් සිනමාවේ අදටද නියැළි පරම්පරාවක අලුත් ආරම්භයයි.සින්දි භාෂිත මුල්ම චිත්‍රපටය හෝමි වාඩියා විසින් ඒක්තා නමින් නිර්මාණය කරයි.මර්වාරි භාසිත මුල්ම චිත්‍රපටය එළි දකිනුයේ නස්රානා නමිනි.එහි අධ්‍යක්ෂණය ජී.පී.කපූර් ගෙනි.ප්‍රභාත් සමාගමින් වෙන්ව යන වී.ශාන්තාරාම් පැරණි වාඩියා මුවිටෝන් සමාගම් භූමියෙහි සිය නවතම නිෂ්පාදන සමාගම වූ රාජ්කමාල් කලා මන්දිර් ආරම්භ කරයි. වාඩියා මුවිටෝන්ගේ බාල සොහොයුරු හෝමි වාඩියා බසන්ත් පික්චර්ස් අරඹයි.කේ.ඒ.අබ්බාස් සහ විපී.සාතේ එක්ව සවුන්ඩ් නමින් විශිෂ්ට සිනමා සඟරාවක් අරඹති.එය සිනමාව,දේශපාලනය මිශ්‍ර කළ සිනමා සගරාවකි.
1943
සියලු ආදායම් වාරාතා බිඳ හෙලමින් කිස්මට් තිර ගත වෙයි. බොම්බේ ටෝකිස් නිෂ්පාදනයක් වන එය ගයාන් මුඛර්ජි ගේ අධ්‍යක්ෂණයකි.රාජ් කමාල් කලා මන්දිර් නිෂ්පාදනය කරන ලද මුල්ම චිත්‍රපටය සකුන්තල තිර ගත වෙයි.ඉන්දියානු වාර්තා චිත්‍රපට අංශය අරඹයි.ඉන්දියානු ආරක්ෂක පනත යටතේ ඉන්දියාවේ සියලු චිත්‍රපට බෙදාහරින්නන් මේ සදහා ඔවුන්ගේ සියලු චිත්‍රපට වලින් මුදලක් ගෙවිය යුතු විය.කේ.රාම්නාත් දකුණු ඉන්දියානු චිත්‍රපට කාර්මික ශිල්පින්ගේ සංගමය අරඹයි.වාඩියා මුවිටෝන් වෙනුවෙන් මධු බෝස් නිර්මාණය කළ රාජ් නාර්ටකි චිත්‍රපටය කෝට් ඩාන්සර් නමින් දෙබස් කැවීමෙන් පසු අමෙරිකාවේ සිනමාහල් කිහිපයක තිරගත වෙයි.
1944
යුද්ධය නිසා ඉන්දියානු සිනමා නළු නිළියන්ගේ සහ කාර්මික ශිල්පින්ගේ ගෙවීම් මුදල් අඩු වෙයි.සේවා පහසුකම් සැපයීම හිඟවීම මත බොහෝ ස්වාධීන නිෂ්පාදකවරුන්ට චිත්‍රාගාර පහසුකම් ලබා ගත නොහැකි වෙයි.මයිසූරයේ මුල්ම චිත්‍රාගාරය නව ජෝති අරඹයි.රජය මගින් චිත්‍රපට උපදේශක මණ්ඩලයක් පත් කරයි. එමගින් උත්තර,මධ්‍ය බොම්බාය සහ මදුරාසියේ විනෝද බද්ද වැඩි කරයි.බොම්බේ ටෝකිස් සමාගමේ ජ්වාර් භාතා චිත්‍රපටයේ රඟපාමින් අග්‍රගණය නළු දිලිප් කුමාර් සිනමාවට එක් වෙයි.
1945
දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළු හා ගායක එම්.කේ.ත්‍යාගරාජ් භගවතාර් සහ එන්.එස්.ක්‍රිෂ්ණන් පුවත්පත් කලාවේදියකු වන ලක්ෂ්මිකාන්තන් ඝාතනය කළ වරදට සිපිරි ගෙයට නියම වෙයි. නිෂ්පාදකයන් සහ බෙදාහරින්නන් වෙනුවෙන් පත් කරන ලද සාමාජිකයන් චිත්‍රපට උපදේශක මණ්ඩලයට විරෝධය පළ කරමින් එයින් ඉල්ලා අස්වෙති.යුද්ධය නිසා ඇති වුන දළ සේයා පට සීමාවන් අහෝසි වෙයි.
1946
ඉන්දියානු මහජන නාට්‍ය සංවිධානය (ධ්ර්‍ථඊඒ) මගින් නිපද වන ලද මුල්ම චිත්‍රපටය වූ කේ.ඒ.අබ්බාස් ගේ දාර්ති කේ ලාල් චේතන් ආනන්ද ගේ නීච් නගර් සහ ශාන්තාරාම්ගේ ඩොක්ටර් කොට්නිස් කී අමර් කහානි චිත්‍රපට ත්‍රිත්වය තිර ගත වෙයි. මේ චිත්‍රපට ත්‍රිත්වයම යුද්ධය තේමා කර ගනිමින් තැනුණු චිත්‍රපට වීම විශේෂයකි.වී.වයි. උවයිස් අධ්‍යක්ෂණය කළ රන්කාදේවි නම් ගුජරාටි චිත්‍රපටය අතිශය සාර්ථක වීමත් සමග ගුජරාටි සිනාමවේ ප්‍රබෝධයක් ඇතිවෙයි.අමෙරිකානු මෙට්‍රො ගොල්ඩ්වින් මේයර් සමාගම ජංගම සිනමා ශාලා සදහා මිලි මිටර් 16 චිත්‍රපට පිටපත් ඉන්දියාවට හඳුන්වා දෙයි.ඉන්දියානු ප්‍රවෘත්ති චිත්‍රපට අංශය වසා දමයි.පළමුවන කාන් සිනමා උළෙලේ දී නීච් නගර් සම්මාන දිනා ගනියි.
1947
ඉන්දියාව නිදහස ලබයි.ඒ සමග නැගෙනහිර පාකිස්තානය සහ බටහිර පාකිස්තානය නමින් ඉන්දියාව කොටස් තුනකට කැඩෙයි.මේ අරගලයේ දී මිය ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි. ලාහෝරය කේන්ද්‍ර කොට ගත් බහුල වශයෙන් උර්දු භාෂිත සිනමාව ඉන්දියාවට අහිමි වෙයි.
කේරළයේ මුල්ම සිනමා සමාගම උදයා ආරම්භ වෙයි.මදුරාසියේ සුප්‍රකට ඒ.වී.එම් චිත්‍රාගාරය ආරම්භ වෙයි. නාම් ඉරුවර් එහි මුල්ම චිත්‍රපටයයි.පෝල් සිල්ස් සහ ෆාලි බිලිමොරියා එක්ව ඉන්දියානු වාර්තා චිත්‍රපට අංශය ආරම්භ කරයි.සත්‍යජිත් රායි සහ චිදානන්ද දාස් ගුප්තා එක්වී කල්කටා සිනමා සමාජය පිහිටුවයි.දකුනු ඉන්දියාවේ මදුරෙයි නගරයේ දී මුල්ම සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව නමින් බිහි වෙයි.
1948
ඉන්දියාව පුරා අලුත් සිනමාහල් ඇති කළ යුතු වග ඉන්දියානු අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් කියා සිටී.මුළු ඉන්දියාව පුරාම අතිශය ජනප්‍රිය වූ මුල්ම දෙමළ චිත්‍රපටය චන්ද්‍රලේඛා තිර ගත වෙයි.එය එස්.එස්.වාසන්ගේ නිර්මාණයකි.ඉන්දියානු සංස්කෘතික නැටුම් ඇතුළත් විශිෂ්ට චිත්‍රපටයක් වූ උදේ ශංකර්ගේ කල්පනා තිර ගත වෙයි. මේ චිත්‍රපට යුගලම මදුරාසියේ ජෙමිනි සමාගමේ නිෂ්පාදනයන්ය.කේරළයේ දී තැනුණ නිර්මල චිත්‍රපටය එහි තැනුණ මුල්ම මලයාලම් චිත්‍රපටයයි.ආග් චිත්‍රපටය නිපදවිමත් සමග රාජ් කපූර්ගේ ආර්.කේ චිත්‍රපට ආරම්භ වෙයි.
1949
කිස්මට් චිත්‍රපටයේ ආදායම් වාර්තාව රාජ් කපූර්ගේ බර්සාත් තිර ගත වීමෙන් බිඳ වැටෙයි.ඉන්දියානු රජයේ ෆිල්ම් ඩිවිෂන් ආයතනය ආරම්භ කරයි.දෙමළ සිනමාවේ තිර කතා රචකයකු වූ සී.එන්.අන්නාදොරේ විසින් ද්‍රවිඩ මුන්නේත්‍ර පක්ෂය පිහිටුවනු ලබයි.එම පක්ෂයේ ප්‍රචාරක කටයුතු සඳහා ක්‍රිෂ්ණන් සහ පන්ජුගේ අධ්‍යක්ෂණයෙන් නල්ලතම්බි චිත්‍රපටය ද ඒ.එස්.ඒ.සාමිගේ අධ්‍යක්ෂණයෙන් වේලක්කාරි චිත්‍රපටය ද නිපදවයි.සෝවියට් ජනපදය පුරා දාර්ති කේ ලාල් තිර ගත වෙයි.1918 වසරේ බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද චිත්‍රපට පනත අහෝසි වෙයි.ඒ වෙනුවට චිත්‍රපට රැඟුම් පාලනයට නව නීති සැකසීම සදහා එස්.කේ පතිල් කොමිසම පත් කරයි.මධ්‍ය පුදේශයේ සියයට පනහකින් ද කල්කටාවේ සියයට හැත්තෑ පහකින් ද විනෝද බද්ද වැඩි කිරිමට එරෙහිව ඉන්දියාවේ සිනමාහල් හිමියන් ශාලා වසා දමා විරෝධය පළ කරති.දේව්,චේතන් සහ විජය යන ආනන්ද සොහොයුරන් එක්ව නව්කේතන් චිත්‍රපට ආරම්භ කරති.ආර.කේ.කරන්ජියා ගේ සංස්කරණයෙන් මූවි ටයිම්ස් සඟරාව ඇරඹෙයි.
1950
ඉන්දියානු චිත්‍රපට ආනයනයේ දී එහි දිග සෑම අඩියකටම රුපියලක බද්දක් ගෙවිය යුතුයැයි පාකිස්තානය එරට චිත්‍රපට ප්‍රදර්ශකයන්ට අණ කරයි.කල්කටාවේ දී නිර්මල් ගෝෂ්ගේ චින්නාමුල් තිර ගත වෙයි.ජනප්‍රිය දෙමළ චිත්‍රපටයක් වන එලය් පාඩුම් පාඩු තිර ගත වෙයි.මුල්ම කොන්කනි චිත්‍රපටය ජෙරි බොගැන්සා ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව එළි දකින්නේ මොගාචෝ අන්විදෝ යන නමිනි.
1951
එස්.කේ පටිල් කොමිසමේ නිර්දේශ එළි දකියි. එමගින් චිත්‍රපට කර්මාන්තයේ දියුණුව උදෙසා පිළියම් ලෙස චිත්‍රපට සංරක්ෂණාගාරයක්, සිනමා පාසලක් ද අවශ්‍ය බැව් කරුණු දක්වති.චිත්‍රපට කර්මාන්තයේ තාරකා ක්‍රමය පිළිබඳ මෙන්ම එයට කළු සල්ලි ආයෝජනය වන අන්දම ද එමගින් පෙන්වා දී තිබිණ.එබැවින් චිත්‍රපට කර්මාන්තයට රජය ආයෝජනය කළ යුතුව ඇති වග කොමිසම නිර්දේශ කරයි.චිත්‍රපට රැඟුම් පාලනය බොම්බායේ ස්ථාපිත මධ්‍යම කමිටුවකට පූර්ණ බලතල සහිතව පත් කෙරෙයි.ඉන්දියානු ෆිල්ම් ෆෙඩරේෂණය පත් කරයි. එහි මුල්ම සභාපති පදවිය හිමිවනුයේ චන්ද්‍රලාල් ශා ටය.පාතාල භෛරවි චිත්‍රපටය තෙළිඟු සිනමාවේ වැඩිම මුදල් ඉපැයූ චිත්‍රපටය බවට පත් වෙයි.ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත් සමාගම මගින් ස්ක්‍රීන් පුවත්පත නිකුත් කරයි.සුප්‍රකට රුසියානු සිනමාකරු පුඩොව්කින් ඉන්දියානු සහ සෝවියට් සිනමා හවුල් පිළිබඳ සාකච්ඡා කිරිමට ඉන්දියාවට පැමිණෙයි.ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම ලද චිත්‍රපටය වූ බර්සාත් චිත්‍රපටයේ වාර්තාව රාජ් කපූර් විසින්ම සිය අවාරා චිත්‍රපටයෙන් බිඳ හෙළනු ලබයි.
1952
ඉන්දියාවේ මුල්ම අන්තර්ජාතික චිත්‍රපට උළෙල බොම්බාය,මදුරාසිය සහ කල්කටාවේ දී පැවැත්වෙයි. එය ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමතිනි ඉන්දිරා ගාන්ධි මැතිනියගේ නියමයෙන් සංවිධානය කරනුයේ ඉන්දියානු ෆිල්ම් ඩිවිෂන් ආයතනය මගිනි. ඉන්දියානු සිනමා කර්මාන්තය වෙනුවෙන් අලුත් පනතක් ක්‍රියාත්මක වෙයි.එය 1918 මුල් පනතින් වෙනස් වනුයේ වාරණ නීති අනුවය. ඒ අනුව චිත්‍රපට තහනම් කරනුයේ රාජ්‍ය ආරක්ෂාවට එරෙහිවීම, යම් ජන කොට්ධාශයකට හෝ යම් ආගමකට හෝ පීඩා විම,මහජන නීතිය උල්ලංඝනය විම සහ අසල්වැසි මිත්‍ර රටවලට එරෙහි වීම යන කාරණා වලදි පමණී.එමෙන්ම චිත්‍රපට ගීත ප්‍රචාරණයේ දී ඒවායේ නිෂ්පාදකයන්ගේ හෝ අදාළ චිත්‍රපටයේ නම ප්‍රචාරය අත්හිටුවීමට සමස්ත ඉන්දීය ගුවන් විදුලිය ගත් තීරණයත් සමග සියලුම චිත්‍රපට නිෂ්පාදකයන් ඔවුන් සහ ගුවන් විදුලිය අතර ඇති කර ගත් සියලුම ගිවිසුම් අත්හිටුවා එයට දැන්වීම් ලබා දීම ප්‍රතික්ෂේප කරති. ඔවුන් සිය චිත්‍රපට සඳහා විකල්පය වශයෙන් තෝරා ගන්නේ ලංකා ගුවන් විදුලියයි.බොම්බායේ දී වර්ණ ගැන් වුන මුල්ම චිත්‍රපටය මෙහෙබුබ් ගේ ආන් තිර ගත වෙයි.අවාරා චිත්‍රපටයේ ආදායම් වාර්තා බිඳ හෙළන්නට ආන් චිත්‍රපටය සමත් වෙයි.බොම්බේ ටෝකිස් විසුරුවා හරියි. බෙංගාලි සිනමාවේදි රිට්වික් ඝටක් ගේ මුල්ම චිත්‍රපටය නාගරික් එළි දකියි.පාකිස්තානය ඉන්දියානු චිත්‍රපට ආනයනය සහමුලින්ම තහනම් කරයි. ඉන්දියානු සිනමා ප්‍රකාශනයන්හි වෙනසක් ඇති කළ ෆිල්ම් ෆෙයාර් සඟරාව නිකුත් වෙයි.
1953
නව තාත්විකවාදි සිනමා කෘතියක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ බිමල් රෝයි ගේ දෝ බිගා සමීන් කාන් සිනමා උළෙලේ දී විශේෂ ජූරි සඳහනකින් සහ කාලොවිවාරි උළෙලේ දී සමාජ ප්‍රගති සම්මානයෙන් පිදුම් ලබයි.ඉන්දියානු සිනමා පනතෙහි ප්‍රකාර බොම්බායේ චිත්‍රපට වාරණ මණ්ඩලයට අමතරව ප්‍රාන්ත සඳහා ද රැඟුම් පාලක බලතල ලබා දෙයි. ෆිල්ම් ෆෙයාර් සඟරාව සිය වාර්ෂික සිනමා සම්මන උළෙල ආරම්භ කරයි.
1954
මුල්ම ඉන්දියානු ජාතික සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය බවට පත් වනුයේ ශ්‍යාමිචි ආයි චිත්‍රපටයි. රාජ් කපූර්ගේ අවාරා සෝවියට් දේශයේ අති සාර්ථකව තිර ගත වෙයි.ඉන්දියානු සිනමා බලධාරින් සහ සමස්ත ඉන්දියානු ගුවන් විදුලි බලධාරින් අතර සාකච්ඡා අසාර්ථක වෙයි.චිත්‍රපට ප්‍රචාරය සඳහා ලංකා ගුවන් විදුලිය තෝරා ගැන්මට ඉන්දියානු නිෂ්පාදකයන් තීරණය කරති.
1955
සත්‍යජිත් රායිගේ පතේර් පංචාලි චිත්‍රපටයේ ජගත් මංගල දර්ශනය නිව්යෝක් හි නූතන කලා කෞතුකාගාරයේ දී පැවැත්වෙයි.ඉන්දියානු ළමා චිත්‍රපට සංගමය ආරම්භ කරයි.ආන් ආදායම් වාර්තාව රාජ් කපූර් ගේ ශ්‍රී 420 විසින් බිඳ හෙළනු ලබයි.
1956
සුප්‍රකට ඉතාලි සිනමාකරු රොබටෝ රොසලිනි ඉන්ඩියා 57 චිත්‍රපටය නිම කරද්දී අවශ්‍ය වීසා දීර්ඝ කිරීම ඉන්දියානු බලධාරින් ප්‍රතික්ෂප කරති. රොසලිනි සහ ඉන්දියානු විවාහක කාන්තාවක අතර ඇති වූ සබඳතාවය මෙයට හේතු ව ලෙස සැලකෙයි.
1957
රාජ් කපූර් නිපද වූ සොම්බු මිත්‍ර සහ අමිත් මොයිත්‍ර නිර්මාණය කළ ජග්තෙ රහෝ කාලොවිවාරි සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනයි.සත්‍යජිත් රායිගේ අපරාජිතෝ වැනිස් උළෙලේ සම්මාන දිනයි.ඉන්දියා සෝවියට් මුල්ම හවුල් චිත්‍රපටය පරදේශී තිර ගත වෙයි.මුල් වරට ඇකඩමි සම්මාන උළෙලේ හොදම විදේශ භාෂිත චිත්‍රපටයට නිර්දේශ වන ඉන්දියානු චිත්‍රපටය වන මදර් ඉන්ඩියා එතෙක් ඉන්දියානු චිත්‍රපටයක් ඉපැයූ ඉහළම ආදායම් වාර්තාවට හිමි කම් කියයි.
1958
මුල්ම වාර්තා සිනමා උළෙල බොම්බායේ දී පැවැත්වෙයි.
1959
ගුරු දත් ඉන්දියාවේ මුල්ම අති විශාල පුළුල් තිර චිත්‍රපටය කාගෙස් කේ පූල් එළි දක්වයි.ශාන්තාරාම්ගේ දෝ ආන්කේ බාර හාත් හොලිවුඩ් විදෙස් පුවත්පත් කලාවේදින්ගේ සමාජය මගින් පිරි නමනු ලබන සැමුවෙල් ගෝල්ඩ්වින් සම්මානය දිනා ගනී.එතෙක් නිව්යොක් හි වැඩිම දින ගනණක් තිර ගත වූ විදෙස් චිත්‍රපටය ලෙස දින 226 ක් තිර ගත වෙමින් පාතෙර් පංචාලි වාර්තා තබයි.සත්‍යජිත් රායි ගේ සභාපතිත්වයෙන් සහ ඉන්දිරා ගාන්ධි මැතිනියගේ උප සභාපති පදවියන් ඉන්දියානු සිනමා සමාජ ෆෙඩරේෂණය ඇරඹේ.
1960
කේ.අසිෆ් ගේ මුගල් ඊ අසාම් වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවට පත් වෙයි. එය එතෙක් වැඩිම වියදමක් දරන ලද ඉන්දියානු චිත්‍රපටය ද වෙයි.
1951 වසරේ චිත්‍රපට කොමිසමේ නිර්දේශ පරිදි චිත්‍රපට සදහා ණය පහසුකම් සැපයීමේ අරමුණින් යුතුව ඉන්දියානු චිත්‍රපට ආයෝජන සංස්ථව පිහිටුවයි.පූනාවේ පැරණි ප්‍රභාත් චිත්‍රාගාර භූමියෙහි ඉන්දියානු සිනමා පාසල ආරම්භ වෙයි.හින්දුස්ථාන් ෆොටෝ ෆිල්ම් මනුෆැක්චරින් කම්පැනි ආයතනය දළ සේයා පට නිපදවීම ආරම්භ කරයි.කන්නඩ සිනමා කෘතියක් වන රණධීර කන්තීරවා අති සාර්ථක වෙයි.එන්.ටී.රාම රාඕ ට තෙළිගු දේශපාලන කේෂත්‍රයේ නමක් තැබිමට උපකාරි වූ ඔහු රඟ පෑ ශ්‍රී වෙන්ටේශ්වර මහත්යාම් ප්‍රදර්ශනය අරඹයි.ගාන්ධියනු සර්වෝදය ව්‍යාපාරය මගින් අවිනිත සිනමා පොස්ටර් වලට විරුද්ධව නැගී සිටිති.ඉන්දියානු සිනමා නළු ශිවාජි ගනේෂන් කයිරෝ අන්තර් ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනී.ඉන්දියානු නළුවෙකු රංගනය උදෙසා මුල් වරට ජාත්‍යන්තර සම්මානයක් දිනා ගන්නා අවස්ථාව එයයි.
1961
මුල්ම රාජස්තාන් චිත්‍රපටය බී.කේ ආදර්ශ් ගේ බබාසා රිලාදි තිර ගත වෙයි. දෙවන ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට උළෙල නව දිල්ලියේ දි පැවැත්වෙයි.
1962
නැගෙනහිර පාක්ස්තානය (වර්තමාන බංගලාදේශය) ඉන්දියානු චිත්‍රපට තහනම් කිරීම බෙංගාලි සිනමාවට බලවත් තර්ජනයක් වෙයි.ගංගා මයියා ටොහේ ප්‍යාරි චදයිබෝ මුල්ම බොජ්පූරි භාෂාවෙන් තැනුණ චිත්‍රපටයයි.එහි අධ්‍යක්ෂනය කුන්දන් කුමාර් ගෙනි.
1963
ඉන්දියානු චිත්‍රපට අපනයන සංස්ථාව(ධ්ර්ර්‍ථඡ්ඛ්) ආරම්භ වෙයි.බ්‍රිතාන්‍ය ඉන්දියානු හවුල් නිෂ්පාදන රැසකට මග පෑදු ඉස්මයිල් මර්චන්ට් හා ජේම්ස් අයිවරි එකතුවෙන් තැනුණු මර්චන්ට් අයිවරි නිෂ්පාදන සමාගමේ මුල්ම නිෂ්පාදනය ද හවුස් හොල්ඩර් තිර ගත වෙයි. ඉන්දියානු සිනමාව පිළිබඳ ලියුවුන වැදගත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන එස්.ක්‍රිශ්ණස්වාමිගේ ඉන්ඩියන් ෆිල්ම් ග්‍රන්ථය එළි දකියි.ද ජර්නල් ඔෆ් ද සවුත් ඉන්ඩියා සඟරාව මදුරාසියේ දී එළි දකියි.එය සිනමාවේ කාර්මික දැනුම පදනම් කර ගෙන ඉන්දියාවේ පළ වූ මුල්ම සිනමා සඟරාවයි.
1964
ඉන්දියානු සිනමා සංරක්ෂණාගාරය පූනේ නගරයේ දී විවෘත වෙයි.එය පාලනය වනුයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි අමාත්‍යංශය යටතේය.මදුරාසි සිනමා ආයතනය මදුරාසියේ අඩයාර් හි ආරම්භ වෙයි.යුනෙස්කෝව වෙනුවෙන් ජර්සි ටොයෙප්ලිට්ස් විසින් ලියන ලද ඉන්දියානු සිනමා වාර්තාව එළි දක්වයි. මුල්ම කාශ්මිර චිත්‍රපටය නයිස්රාත් තිර ගත වෙයි.
1965
ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙළ මුල්වරට තරගකාරි සිනමා උළෙලක් බවට පත්වෙයි.එහි හොඳම චිත්‍රපටය ට හිමි රණ මයුර සම්මානය ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වුණ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම් පෙරළිය දිනා ගනී.මලයාලම් සිනමාවේ නව පෙරළියක් කළ ආර්.කරියාත් ගේ චෙම්මින් තිර ගත වෙයි.
1966
රිටිවික් ඝටක් පූනා සිනමා පාසලේ සේවයට එක් වෙයි.කර්නාටක මහ ඇමති විරෙන්ද්‍ර පටිල් කන්නඩ සිනමාව දියුණු කිරිමේ අභිලාෂයෙන් ප්‍රාන්තයේ නිපදවන කළු සුදු චිත්‍රපටයකට ඉන්දියානු රුපියල් පනස් දහසක් ද වර්ණ චිත්‍රපටයකට රුපියල් ලක්ෂයක්ද ලබා දෙයි.ඉන්දියානු සිනමාව වෙනුවෙන් යාවජිව කැපවිම් කරන්නෙක් වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් රජය මගින් පිදෙන ඉහළම සම්මානය දාදා සහාබ් පාල්කේ සම්මානය ලෙස නම් කරයි.මුල්ම සම්මානය පිරි නැමුණේ චිත්‍රපට නිළි නිෂ්පාදිකා දේවිකා රාණිටය.ඩොග්රි භාසිත මුල්ම චිත්‍රපටය කුමාර් කුල්දිප්ගේ ගල්ලන් හයියන් බීටියන් තිර ගත වෙයි.
1967
හින්දුස්තාන් ෆොටෝ ෆිල්ම්ස් ආයතනය ශබ්ද නෙගටිව් පත් නිෂ්පාදනය ආරම්භ කරයි.සුප්‍රකට දෙමළ නළු එම්.ජී.රාමචන්ද්‍රන් තවත් දෙමළ නළුවකු වූ එම්.ආර්.රාධා ගේ වෙඩි පහරකට ලක්වෙයි.රජය සමස්ත ඉන්දියා ගුවන් විදුලියේ වෙළඳ සේවය ලෙස විශ්ව භාරති සේවය පිහිටුවීමත් සමග යළිත් ඉන්දියානු චිත්‍රපට ප්‍රචාරණය සදහා එහි සේවය ලබා ගැන්මට නිෂ්පාදකවරු එකඟ වෙති.
ඉන්දියානු සිනමා වාරණය පිළිබඳ සෙවීමට පත් කළ ජී.ඩී. කෝසලා කමිටු වාර්තාව මගින් එතෙක් පැවැති වාරණ නීති තද බල විවේචනයට ලක් කරයි. එයට හේතුව වනුයේ කේ.ඒ.අබ්බාස් ගේ චාර් සහේර් එක් කහානි නම් කෙටි චිත්‍රපටය තහනම් කිරිම සම්බන්ධව ඇති වුන විවාදාත්මක මතවාදයයි.මිර්නාල් සෙන් සහ අරුන් කෞල් විසින් නව ඉන්දියානු සිනමාව පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශනයක් එළි දක්වයි.සම්ප්‍රදායික ඉන්දිය සිනමාව වෙනුවට ඉන්දියානු සිනමා පාසලෙන් සිනමාව හැදෑරු නව පරපුරක් සඳහා රාජ්‍ය ආයෝජනයකින් යුතු මේ සිනමාව වඩා කලාත්මක සිනමාවක් බිහි කිරීමේ අරමුණින් ගොඩ නැගූවකි.
1969
චිත්‍රපට ආයෝජන සංස්ථාවේ මෙහයවීමෙන් නව ඉන්දියානු සිනමාව හඳුන්වාදෙමින් මිර්නාල් සෙන් ගේ භුවන් ශෝම සහ මනි කෞල් ගේ උස්කි රොටි චිත්‍රපට එළි දැක්වෙයි. නව ඉන්දියානු සිනමාවේ ආභාෂයෙන් යුත් මුල්ම මලයාලම් චිත්‍රපටය ඔල්වුම් තීරවුම් තිර ගත වෙයි. ආරාධනා චිත්‍රපටය සමග ඉන්දියානු සිනමාවේ සුපිරි තරුව බවට රාජේශ් ඛන්නා පත් වෙයි.කේ.ඒ.අබ්බාස් ගේ සාත් හින්දුස්තාන් චිත්‍රපටයෙන් අමිතාබ් බච්චන් සිනමාවට එක් වෙයි.
1970
ඕපා දූප අවලාද පිරි මාධ්‍යක් හඳුන්වා දෙමින් ස්ටාර් ඩස්ට් සඟරාව ප්‍රකාශනයට පත් වෙයි.පත්තාභ රාම රෙඩ්ඩි නිර්මාණය කරන ලද සම්ස්කාර් චිත්‍රපටය සමග නව ඉන්දියානු සිනමා ව්‍යාපෘතිය කන්නඩ සිනමාවට හඳුන්වා දෙයි.
1971
වසරකට ඉන්දියානු චිත්‍රපට 433 ක් තිර ගත වීමත් සමග ලොව වසරකට වැඩිම චිත්‍රපට එළි දක්වන රට ලෙස ඉන්දියාව පත්වෙයි.විදේශ චිත්‍රපට සදහා වාරණ නීති දැඩි වෙයි.අමෙරිකානු චිත්‍රපට ප්‍රදර්ශනය සීමා වෙයි.මරාති චිත්‍රපටයක් වන ශාන්තටා කොට් චලෝ ආහේ තිර ගත වෙයි. නව ඉන්දියානු සිනමා ව මරාති සිනමාවට එක් වනුයේ එමගිනි.
පළමු මනිපුරි සිනමා කෘතිය මරම්ගි මලනිපුර් සහ කූර්ගි සිනමා කෘතිය වන නාද මන්නේ නාද කූලු තිර ගත වෙයි.මුල්වරට සිනමා කාර්මික ශිල්පින්ගේ සමුපකාර සංගමයක් කේරළයෙන් බිහි වෙයි.චිත්‍රෙල්ඛා සමුපකාරය නම්වන එමගින් තැනෙණ ස්වයංවරම් චිත්‍රපටය නිර්මාණය කරමින්අධුර් ගෝපාල ක්‍රිෂ්ණන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙයි.රාම්සේ සහෝදරයන් නිර්මාණය කළ දෝ ගාස් සමීන් කේ නීචේ ඉන්දියාවේ මුල්ම භීෂණාත්මක චිත්‍රපටය ලෙස වාර්තාවක් පිහිටුවයි.
1973
චිත්‍රපට ආයෝජන සංස්ථාවේ මග පෙන්විම යටතේ ඉන්දිය රාජ්‍ය වාණිජ සංස්ථාව මගින් දළ සේයා පට ආනයනය කිරීම අරඹයි. ඒ සමග ඉන්දියාව විදේශ දළ සේයා සඳහා ආනයන බදු සියයට දෙසිය පනහකින් වැඩි කරයි. මුල්ම හරියානා චිත්‍රපටය භීරා සේරා තිර ගත වෙයි.ශ්‍යාම් බෙනගාල් ගේ අන්කූර් වාණිජමය වශයෙන් අති සාර්ථක ව තිර ගත වෙයි.ඒ සමග වාණිජමය වශයෙන් සාර්ථක වන කලාත්මක සිනමාවක් පිළිබඳ රජයේ අවධානය යොමුවෙයි.රාජ් කපූර්ගේ බොබී ජනප්‍රිය ඉන්දියානු සිනමාවේ අලුත් රැල්ලක් අරඹයි.
1974
හින්දුස්ථාන් ෆොටෝ ෆිල්ම්ස් වර්ණ දළ සේයා පට නිපදවීම අරඹයි.ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල එරට වාර්ෂික අංගයක් බවට පත් කරයි.ඉන්දියානු සිනමා පාසල ටෙලිවිෂන කර්මාන්තයටත් යෝග්‍ය පරිදි සිය වැඩ සටහන් නව්‍යකරණයේ යෙදෙයි. ආයතනය ඉන්දියානු චිත්‍රපට සහ ටෙලිවිෂන ආයතනය ලෙස නම් කෙරෙයි.
1975
ඉන්දියානු සිනමා ඉතිහාසයේ එතෙක් වැඩිම ආදායම් ලබන චිත්‍රපටය ලෙස රාමේශ් සිප්පි ගේ ෂෝලේ වාර්තා තබයි.එය බිඳ හෙළන්නේ 15 වසරක් පැරණි වාර්තාවකි.එමෙන්ම ත්‍රාසජනක කතා ඇතුළත් සිනමා රැල්ලක් ඒ සමග මතු වෙයි.සියලු ඉන්දියානු නළුවන්ගේ ජනප්‍රියත්වය අබිබවා අමිතාබ් බච්චන්ගේ ජනප්‍රියත්වය ඉහළ යයි.ඒ සමග ජායි සන්තශී මා චිත්‍රපටය ද ඉහළ ආදායම් වාර්තා තබයි.ඇමෙරිකානු චිත්‍රපට සඳහා යළි ඉන්දියානු දොර විවෘත වෙයි.
1976
චිත්‍රපට ආයෝජන සංස්ථාව මගින් නිපදවන ලද කලාත්මක චිත්‍රපට හේතුවෙන් ඔවුන් ලක්ෂ 62 .5ක පාඩු වක් ලබයි.ඔවුන් චිත්‍රපට තිහක් සඳහා ආයෝජනය කරන ලද අතර එයින් සම්පූර්ණ කර ඇත්තේ චිත්‍රපට 16කි. දහයක් සඳහා යෙද වූ සතයක් හෝ යළි ලබා ගත නොහැකි වී ඇති අතර ඉතිරි චිත්‍රපට කිසි කලක නිම වී නැත.චිත්‍රපට බෙදාහැරීමේ දී බරපතළ වැරදි සිදු වී ඇතැයි සංස්ථාව තීරණය කරයි. කලාත්මක එමෙන්ම පහසුවෙන් ප්‍රෙක්ෂකයන් ග්‍රහණය කර ගත හැකි චිත්‍රපට කෙරෙහි සංස්ථාව අවධානය යොමු කර ගත යුතුව ඇතැයි තීරණය විය.පූනාවේ ආදි සිසුන් ගේ එකතුවෙන් බිහි වූ යුක්ත් පදනම මගින් ඝාෂිරාම් කෝට්වල් චිත්‍රපටය එළි දක්වයි.සංජේ ගාන්ධිගේ අණ පරිදි අම්රිත් නහතාගේ කිස්සා කුරිසි කා චිත්‍රපටයේ දළ සේයා පටය පවා පුළුස්සා දමයි.
1977
තමිල්නාඩුවේ බලයට පත් වන එම්.ජී.රාමචන්ද්‍රන් විසින් ප්‍රාන්ත සිනමාවට රාජ්‍ය සහාය ලබා දීමට තීරණය කරනු ලබයි. වාර්ෂික දෙමළ චිත්‍රපට නිෂ්පාදනය 105 ක් දක්වා ඉහළ යයි.
සමස්ත ඉන්දියානු සිනමාවේ ආදායම කෝටි 247 ක් ඉක්මවයි.විනොද බද්ද මගිවන් රජය ඉපැයූ ආදායම කෝටි 187 කි.පන්ජාබ,උත්තර ප්‍රදේශ,කේරළ සහ ඔරිස්සාවේ ප්‍රාන්ත රාජ්‍යයන් මගින් සිනමාහල් ඉදි කරති.
1979
මැද පෙරදිග සේවා නියුක්තිකයන්ගේ මුදල් සිනමා කර්මාන්තයට යෙදවිම සමග මලයාලම් චිත්‍රපට වසරක් ඇතුළත 124 ක් දක්වා ඉහළ යයි.සංකරාභරණම් තෙළිගු සිනමාවේ ආදායම් වාර්තා තබයි
1980
ඉනදියාවේ ස්ථාවර සිනමාහල් සංඛ්‍යාව 6368 ක් බවත් තාවකාලික සිනමහල් සංඛ්‍යාව 4024 ක් බවත් සමීක්ෂණයකින් හෙළි වෙයි.චිත්‍රපට ආයෝජන සංස්ථාව බොම්බායේ ලෝටස් සිනමාහල මිලයට ගෙන එය කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනයට එක් කරයි.මේ වසරේදී ම චිත්‍රපට ආයෝජන සංස්ථාව සහ ඉන්දියානු චලන චිත්‍ර අපනයන සංස්ථාව ඒකාබද්ධ කොට ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව (ව්ජ්ච්ඛ්) ගොඩ නංවයි.
1981
අපර්ණා සෙන් ගේ 36 චෞරන්ගි ලේන් ඉන්දියාවේ ඉංග්‍රීසි උගත් පංතිය අතර අතිශය ජනප්‍රිය වෙයි.එය විදේශයන්ගේ ද සාර්ථක වෙයි.
1982
තෙළිඟු සිනමාවේ ජනප්‍රිය නළු එන්.ටී.රාමරාඕ තෙළිඟු දේසම් පක්ෂය පිහිටුවයි.මුල්ම බ්‍රිජ් භාෂිත චිත්‍රපටය බ්‍රිජ් භූමි සහ මාල්වි භාෂිත චිත්‍රපටය භාද්වා මාතා තිර ගත වෙයි.
කර්නාටක රජය කන්නඩ චිත්‍රපට සදහා සපයන අනුග්‍රහයන් දෙගුණයක් බවට පත් කරයි.කර්නාටක ප්‍රාන්තයේ සහමුලින් රූ ගැන්වෙන සහ එහි චිත්‍රාගාර පහසුකම් ලබා ගන්නේ නම් තවත් අමතර පහසුකම් ලබා දීමට ප්‍රාන්ත රජය කටයුතු කරයි.ගර්වාලි භාෂිත මුල්ම චිත්‍රපටය වූ ජග්වාල් සහ කාසි භාෂිත මුල්ම චිත්‍රපටය කා ලවෙයි හා කී ක්ට්ජොන්ග් නගී චිත්‍රපට එළි දකී.ලොව එකම සංස්කෘත භාෂිත චිත්‍රපටය වන අධි සංකරාචාර්ය ජි.වී.අය්යර් විසින් අධ්‍යක්ෂනය කරයි.ඇකඩමි සම්මාන උළෙලේ දී භානු ආතයියා ගාන්ධි චිත්‍රපටය වෙනවෙන් හොදම ඇඳුම් නිර්මාණය සදහා සම්මාන දිනයි.
1984
ඉන්දියානු සිනමාවේ කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය සදහා දූර්දර්ශන් ටෙලිවිෂන නාලිකාව ඉදිරිපත් වෙයි.
1985
දූර්දර්ශන් නාළිකාව මගින් විකාශය කළ මුල්ම මාලා නාටකය වූ හම්ලොග් බොම්බායේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙයි.එම්.ජී.රාමචන්ද්‍රන්ගේ මරණය අසා කම්පාවට පත් වූ ඔහුගේ රසිකයන් 29 දෙනෙකු දිවි නසා ගනිති.
1986
හින්දි චිත්‍රපටයක් වන නරේශ් මල්හෝත්‍රාගේ නාගිනා ඊජිප්තුවේ දී වසර තුනක් එක දිගට ප්‍රදර්ශනය කරමින් වාර්තාවක් තබයි.
1987
මනි රත්නම් නිර්මාණය කරන ලද ආන්දෝලානාත්මක චිත්‍රපටයක් වූ නායගන් තිර ගත වෙයි.
1988
ඉන්දියානු සිනමාවේ විශිෂ්ට සිනමා සඟරාවන් වූ සිනෙමායා සහ ඩීප් ෆෝකස් සිනමා සඟරාවන් එළි දකී.ශාජි එන්.කරූන් නිර්මාණය කළ පිරවි එරට සිනමා ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර සම්මාන දිනා ගත් චිත්‍රපටය බවට පත් වෙයි.මන්සූර් ඛාන් ගේ ක්යාමත් සේ ක්‍යාමත් ටක් සමග නව පන්නයේ ආදර කතා රැල්ලක් ඇති වෙයි.
1989
අධූර් ගෝපාල ක්‍රිෂ්ණන් ගේ මතිලුකල් වැනිස් උළෙලේ සම්මානයට පත් වෙයි.ඉන්දියානු මධ්‍යම රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘතාන්ත චිත්‍රපට වීඩියෝ පට මාර්ගයෙන් 1268 ක් එළි දක්වා ඇතැයි වාර්තා වෙයි.සුරාජ් බර්ජත්යාගේ මෛනේ ප්‍යාර් ක්‍යා අති සාර්ථක වෙයි.
බොම්බායේ මුල්ම ඉන්දියානු අන්තර්ජාතික වාර්තා හා කෙටි චිත්‍රපට උළෙල පැවැත්වෙයි.
1991
ඉන්දියානු ජනගහනයෙන් සියයට අසූ දෙකක් ටෙලිවිෂන නරඹන බැව් වාර්තා වෙයි.රට ප්‍රරා ඇති ටෙලිවිෂන යන්ත්‍ර සංඛ්‍යාව මිලියන 27.8ක් බැව් පැවසෙයි.හොලිවුඩ් චිත්‍රපට ඇතුළු විදේශිය චිත්‍රපට සදහා ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත භාෂාවන්ගෙන් දෙබස් කවා තිර ගත කරවිමට අවසර ලැබෙයි.
1992
සත්‍යජිත් රායි ඇකඩමි සම්මාන උළෙලේ දී යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි.රායි මිය යනුයේ ද මේ වසෙර්ය.ෂා රුක් ඛාන් දිවානා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙයි.
1993
මනිරත්නම්ගේ රෝජා චිත්‍රපටය ආසියාව පුරා අතිශය ජනප්‍රිය වෙයි.එහි එන චින්න චින ආසෙයි ගීතය ලොව පුරා රසිකයන් අතර ජනප්‍රිය ගීතයක් බවට පත් වෙයි.
1994
වසර 19 ක් පැරනි ආදායම් වාර්තාව ක් බිඳ හෙලමින් ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවට හම් ආප් කේ හෛ කොන් පත් වෙයි.එය සුරාජ් ආර්.බර්ජත්යාගේ අධ්‍යක්ෂණයකි.
මේ චිත්‍රපටයේ රඟපෑ මධුරි ඩික්ෂිත් වෙනුවෙන් නිර්මාණය කරන ලද එක් ඇඳුමක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂයක් වැය වු වග වාර්තා වෙයි.මේ චිත්‍රපටයේ ආදායම සමග ඉන්දියානු චිත්‍රපට ආදායම් හෙළි දරව් වු අතර ඉන්දියානු නළු නිළියන් හා කාර්මික ශිල්පින් ද සිය මිල ගනන් ඉහළ දැමීමට එය හේතුවක් කර ගනිති.
1995
දකුණු ඉන්දිය නිළියන් හින්දි සිනමාවට පිවිසීම සාමාන්‍ය කරුණක් වුවද දකුණු ඉන්දිය චිත්‍රපට ජනප්‍රිය වීමත් සමග බොහෝ හින්දි නිළියන් දෙමළ චිත්‍රපට සදහා රංගනයට යොමු වෙති.
ඒ වන විට ලොව විශාලතම සිනමා චිත්‍රාගාරය ආන්ද්‍ර ප්‍රදේශයේ දී විවාත වෙයි. රාමෝජි රාඕ ට අයත් එය රාමෝජි ෆිල්ම් සිටි ලෙස නම් කර ඇත. එය අක්කර 1200 ක බිම් කඩක් සහිතය
බොම්බේ චිත්‍රපටය පිළිබඳ ටයිම් සඟරාවෙ සිය කවරයේ කතාව වෙන් කරයි.
1997
ඉන්දියානු සිනමාකරු ශේකර් කපූර් මුල් වරට හොලිවුඩ් දැවැන්ත චිත්‍රපටයක් වූ එලිසෙබත් නිර්මාණය කරයි.ඒ වන විට ජාග් මුන්ද්‍රා ඇතුළු කිහිප දෙනෙකු ඉංග්‍රීසි චිත්‍රපට නිර්මාණය කළ ද ප්‍රධාන හොලිවුඩ් නිෂ්පාදනයක් අධ්‍යක්ෂණය කරන මුල්ම ඉන්දියානු සිනමාකරු ශේකර් කපූර්ය.
1998
ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ දී මුල්වරට ජාත්‍යන්තර සිනමා කරුවකු වෙනුවෙන් යාවජීව සම්මානයක් පිරි නමයි.එය මුල් වරට පිදෙන්නේ බර්නාඩෝ බර්ටොලුචීටය.
1999
ඉන්දියානු සිනමාව වෙනුවෙන් බිහි වූ අගනා ග්‍රන්ථයක් වන එන්සයික්ලෝපීඩියා ඔෆ් ඉන්ඩියන් සිනමා ග්‍රන්ථය එළි දකී.එහි සංස්කරණය අශිස් රාජදක්ෂා සහ පෝල් විල්මන් ගෙනි.
ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ මුල් වරට හොදම චිත්‍රපටයට හිමි රණ මයුර සම්මානය දිනූ ගම් පෙරළිය එම සිනමා උළෙලේ දී යළි තිර ගත වෙයි. එවර එහි දී යාව ජීව සම්මානයෙන් පිදුම් ලබන සිනමාකරු වනුනේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.
ගුරු දත් ගේ කාගස් කේ පූල් පැරිසියේ එක දිගට සිවුමසක් තිරගත වෙයි. දශක ගණනාවකට පෙර නොසලකා හරින ලද එම චිත්‍රපටය වර්තමානයේ අග්‍රගණ්‍ය චිත්‍රපටයක් සේ සළකයි.
2001
අශූතොස් ගවරිකාර්ගේ ලගාන් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය ලෙස නිර්දේශයට පත් වෙයි.බාස් ලුහ්ර්මාන් නිර්මාණය කරන ලද මෝලින් රෝ නම් හොලිවුඩ් සංගීත චිත්‍රපටය ඉන්දියානු බොලිවුඩ් සිනමාවෙන් ලද ආශ්වාදය නිසා නිර්මාණයවූවක් යැයි සිනමාකරු පවසයි.ගද්දර් එක් ප්‍රෙම් කතා වැඩිම ආදායම් ලැබු චිත්‍රපටය වෙයි.
2002
ලතින් අමෙරිකානු රටවල් රැසක් ඉන්දියානු චිත්‍රපට ආනයනය කරති.මුලින් එම රටවල වසන ඉන්දියානු සම්භවයෙන් යුතු පිරිස අත පමණක් ජනප්‍රිය වන එම චිත්‍රපට ඉත් ඉක්මනින් එම රටවල සාමාන්‍ය ජනතාව අතරට ද පිවිසෙති.
2003
චීන චිත්‍රපටයක් වූ වොරියර් ඔෆ් හෙවන් ඇන්ඩ් අර්ත් චිත්‍රපටයේ සංගීතය සැපයීම සඳහා ඒ.ආර්.රහ්මාන් තෝරා ගැනේ.ඉන්දියානු කොටස් වෙළඳ පොළෙහි ලැයිස්තු ගත සිනමා සමාගම් ප්‍රමාණය තිහ ඉක්මවයි.
2004
වසරක් හැර වසරක් නව දිල්ලියේ ද ඊළඟ වසරේ වෙනත් ප්‍රාන්ත අගනුවරක ද පැවැත් වූ ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල ගෝවේ ප්‍රාන්ත අගනුවර වූ පනාජි නගරයේ ස්ථාපිත වෙයි.සංචාරක කර්මාන්තය දියුණු කිරිම එහි අරමුණයි.
තම චිත්‍රපටයක් අනුකරණය කළේ යැයි ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම බී.ආර්. චොප්රාට එරෙහිව නඩු පවරයි.ඔපු ත්‍රිත්වය සහ ගුරුදත් ගේ ප්‍යාසා ටයිම් සඟරාව මගින් ලොව හොඳම චිත්‍රපට සියය තෝරා ගනිද්දී එයට ඇතුළත් වෙයි
2006
ඉන්දියානු චිත්‍රපට සමාගමක් වූ ඊරෝස් ඉන්ටර්නැෂනල් සමාගම ලන්ඩන් කොටස් වෙළඳ පොළෙහි ලැයිස්තු ගත සමාගමක් වෙයි.සන්ජේ ගාඩ්විගේ ඩූම් 2 වැඩිම ආදායම් වාර්තා තැබීමට සමත් වෙයි.
2007
අමෙරිකානු ප්‍රධාන සිනමා සමාගම් වන යුනිවර්සල්,ෆොක්ස්,කලම්බියා,පැරමවුන්ට් ඉන්දියානු සිනමාව සදහා ආයෝජනයෙන් දායක වෙයි.
2008
ඉන්දියාවේ නිෂ්පාදිත හවුල් චිත්‍රපටයක් වූ ඩේවිඩ් බොයිල් ගේ ස්ලම් ඩෝග් මිලියනර් චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පත් වෙයි. ඒ.ආර්.රහුමාන් ඇකඩමි සම්මාන දිනා ගනියි.
2009
රාජ් කුමාර් හිරානි නිර්මාණය කරන ලද ත්‍රී ඉඩ්යට්ස් ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවට පත් වෙයි.ලොව ඉහළම චිත්‍රපට සමාගමක් වන ස්ටිවන් ස්පිල්බර්ග්ගේ ඩ්‍රීම් වර්ක්ස් සමාගමේ අයිතියෙන් සියයට පනහක් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක රිලයන්ස් එන්ටර්ප්‍රයිසස් අධිපති අනිල් අම්බානි විසින් මිලයට ගනු ලබයි.
2010
ශංකර් අධ්‍යක්ෂනය කරන ලද දෙමළ චිත්‍රපටයක් වන ඓයින්තිරන් ඉන්දියානු චිත්‍රපටයක් ඉපැයු ආදායම් අතර දෙවැනි තැනට පත්වෙයි.දෙමළ සහ හින්දි (රොබෝ) යන භාෂා වලින් තිර ගත වුන එය ප්‍රාන්ත චිත්‍රපටයක් ඉපැයු ඉහළම ආදායම වාර්තා කිරිමට සමත් විය.
වසරේ නිෂ්පාදිත චිත්‍රපට සංඛ්‍යාව 1255කි.එයින් හින්දි 206,තෙළිගු 192,දෙමළ 185,කන්නඩ 138,බෙංගාලි 122,මරාති 107,මලයාලම් 95, බොජ්පූරි 74,ගුජරාටි 59,ඔරිස්සා 38 චිත්‍රපට යන්ය.ඉතිරි චිත්‍රපට පන්ජාබි,ඇසෑම්,ඉංග්‍රීසි,රාජස්තාන්,හර්යාන්වි, භාෂා වලිනි.අනුබව් සිං අධ්‍යක්ෂණය කළ රා.වන් චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දැරූ චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක් වෙයි.
2012
ලොව වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් වාර්ෂිකව නිපදවන රට වනුයේ ඉන්දියාවයි. එහි දෙවැනි තැන අමෙරිකාවටත් තුන් වැනි තැන චීනයටත් හිමි වෙයි.සිනමවේ වාර්ෂික ආදායම බිලියන 400 ක් ඉක්මවන අතර එය සමස්ත ඉන්දිය දළ ජාතික ආදායමෙන් සියයට එකළොහකි.අවම වශයෙන් ලොව පුරා රටවල් අනූවක දිනකට අවම වශයෙන් එක් ඉන්දියානු චිත්‍රපටයක් හෝ තිර ගත වන බව වාර්තා වෙයි.
ඉන්දියානු චිත්‍රපටය ජාත්‍යන්තර වෙළද පොළට ගෙන යෑමේ දි අනූපමේය මෙහෙයක් කළ සිනමාකරු යාශ් චොප්රා මිය යයි.ඔහු 1995 වසරේ නිර්මාණය කරන ලද දිල්වාලේ දුල්හානියා ලේ ජයන්ගි චිත්‍රපටය මේ වන විටත් මුම්බායි හි මරාත මන්දිර් සිනමාහලේ තිර ගත වනුයේ ගිනස් වාර්තාවක් තබමිනි. ඒ එකම සිනමාහලක වැඩිම දින ගණනක් තිර ගත වන චිත්‍රපටය හැටියටය. මේ වන විට එය සති 900ක් ඉක්මවා ඇත්තේය.
2013
ඉන්දියානු සිනමාව සියවස සපුරයි.මේ සියවස ඇතුළත ඉන්දියාව භාෂා පනස් දෙකකින් චිත්‍රපට නිර්මාණය කර ඇතැයි හෙළිදරව් වෙයි.අසල්වැසි ලංකාවේ මෙන්ම ඉරානයේ ද මුල් චිත්‍රපට නිපදවා ඇත්තේ ඉන්දියාවේය.
sarasaviya / අරුණ ගුණරත්න විසිනි
Subscribe to:
Posts (Atom)