Thursday, May 2, 2013

දුමින්ද සිල්වාගේ පවුලේ අයගෙන් ප්‍රකාශයක්



වසරක් සිංගප්පූරු  මවුන්ත් එලිසබෙත් රෝහලේ ද, මාස එකහමාරක් නවලෝක රෝහලේද ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  ගෙදර ගියේ පසුගිය අප්‍රේල් 27 වැනිදාය.
ඔහු එසේ රෝහල්ගතව සිටියේ වසර 2011 ඔක්තෝබර 08 වැනිදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිරිසක් හා කොලොන්නාවේදී සිදුවූ ගැටුමකදී වෙඩි වැදීම නිසාය.
එම ගැටුමේදී ජනාධිපති උපදේශකයෙකුව සිටි භාරත ඇතුළු සිවුදෙනෙකු මිය ගියේය.
එම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වීම නිසා දුමින්ද බොරු රග පෑමක් කරන බවට ද මතයක් පැවැතිනි.
කෙසේවවුද සිංගප්පූරුවේ ප්‍රරතිකාර ලැබූ දුමින්ද ලංකාවට පැමිණියේ පසුගිය මාර්තු 05 වැනිදාය.
ඔහු එලෙස ලංකාවට පැමිණියේ රෝද පුටවක ආධාරයෙනි.
අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ  ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් එම රෝහලේ ප්‍රතිකාර ලැබීය.
සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.
ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් දුමින්දට මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.
ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබුවේ සිද්ධිය වූ විගසමය.
සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.
පසුව දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
මිනීමැරීමල කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.
දුමින්දගේ ඉතිහාස කාතාව එසේය.
ඒ අතරම ඔහු රෝහල්ගත කර සිටි පසුගිය වසර එකහමාරක කාලය සම්බන්ධයෙන් ඡායාරෑප පළ නොවීම ගැනද කසු කුසු තිබිනි.

පවුලේ අය විසින් ඉදිරිපත්කල චායාරූප 
mirror

0 comments:

Post a Comment