Saturday, April 27, 2013

දුමින්දගේ නිදහස ගැන හිරුනිකා නොසතුටින් - ''කොළොන්නාවෙන් යළි දේශපාලනය අරඹනවා'' - දුමින්ද



දුමින්දගේ නිදහස ගැන හිරුනිකා නොසතුටින්

සිය පියාවන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයේ සිට මේ දක්වා තමන්ට සාධාරණයක් ඉටුවී නොමැති බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පවසන්නීය.

 පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතා ඇපමත නිදහස් වීමෙන් තමන් තවදුරටත් කළකරුණු බව  සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය සදහන් කළාය.

ඇපමත නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතා අද රෝහලෙන් පිටව යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියාය.

දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ බවට කෙරෙන ප‍්‍රකාශ පිළිබඳවද අද දිනයේ දුමින්ද සිල්වා මන්ත‍්‍රිවරයා හැසිරුණු ආකාරයෙන් සැක උපදවන බව  හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය වැඩිදුරටත් සදහන් කළාය.

කොළඹ නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා, අද පෙරවරු 11.30ට පමණ එම රෝහලෙන් පිටව ගියේය.

''කොළොන්නාවෙන් යළි දේශපාලනය අරඹනවා'' -දුමින්ද

 මන්ත‍්‍රිවරයා පිටව යන අවස්ථාව දැක ගැනීමට රෝහල අවට විශාල පිරිසක් රැදී සිටි අතර අතිරේක පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබිණ.

රෝහලෙන් පිටව යන අවස්ථාවේ මන්ත‍්‍රිවරයා පැවසුවේ තමන් පළමුව ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති මන්දිරයට යන බවයි. කෙසේවෙතත් පස්වරු එක පමණ වන තුරු ජනාධිපතිවරයා සහ මන්ත‍්‍රිවරයා අතර එවැනි හමුවක් සිදුනොවුනු බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා සඳහන් කළේය.


තම දේශපාලන කටයුතුවලට ශරීර සෞඛ්‍ය ගැටළුවක් නොවේයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පැවසීය.
අද පස්වරු 1.30ට පමණ සිය මව සහ පියා සමග  පැලවත්තේ සිය නිවසට පැමිණි ඔහු එසේ පැවසිය.
කළු කලිසමක් හා කහ කොටු කමිසයකින් සැරසී සිටි දුමින්ද සිල්වා පැවසුවේ,  කොළොන්නාව ආසනය යලි භාර ගෙන දේශපාලන වැඩ කරගෙන යන බවයි.
මන්ත්‍රීවරයා මාධ්‍ය සමග සුහදව කතා කළේය.

sanka -photo
news - mirror

1 comments:

  1. සුදු බබාApril 27, 2013 at 1:38 PM

    හමුදා ප්‍රශ්නේ හින්ද නෙමේ මේ ජාත්‍යන්තර ප්‍රශ්න එන්නේ අපේ රටට ,උබල වගේ එවුන්ගේ වැඩ හින්දැයි රජයේ එවුන් උබලව බේරගන්න කරන මොට්ට වේද නිසයි ,ඕන ගොන් බුරුවෙකුට තේරෙනවා ,මේ හදන්නේ දුමින්දව නිදහස් කරන්න කියල ,උබල නිසා විදින්න වෙන්නේ අහිංසක හමුදාවට ,මුන්ට චීර් කරන එවුනුත් ඉන්නවනේ ,ඉතින් කොහෙද මේක හදන්නේ

    ReplyDelete